IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ඇමෙරිකාව එෆ් 35 ප්‍රහාරක ජෙට් යානා ප්‍රතික්ෂේප කිරීම සොරකමක්‘-තුර්කි ජනපති

ඇමෙරිකා එක්සත් ජනපදය එෆ් 35 ප්‍රහාරක ජෙට් යානා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම “සොරකමක්” යැයි තුර්කි ජනාධිපති රිජෙබ් තායිප් එර්දොවාන් පවසයි.

තුර්කිය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එෆ් 35 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගත් බවත් ඇමෙරිකාව එම යානා ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් තුර්කි ජනාධිපතිවරයා කියයි.

ඇමෙරිකාව සහ තුර්කිය අතර මෙම අර්බුදයට හේතුව වී ඇත්තේ, තුර්කිය රුසියාවෙන් එස් - 400 මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීමය. තුර්කිය රුසියාවෙන් මිලදී ගත් එම ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉදිරි දින කිහිපය තුළදී තුර්කියට ලැබීමට නියමිතය.

තුර්කිය එලෙස රුසියාවෙන් එස් - 400 මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිසා තුර්කිය ඇණවුම් කළ එෆ් 35 ප්‍රහාරක ජෙට් යානා ලබා නොදෙන බවට ඇමෙරිකාව තර්ජනය කර ඇත.එමෙන්ම පුහුණු හා නිෂ්පාදන වැඩසටහන් නවතා දමන බවට ද ආර්ථික සම්බාධක පනවන බවට ද ඇමෙරිකාව තුර්කියට අනතුරු අඟවා ඇත.

“ඔබ පාරිභෝගිකයකු බලාපොරොත්තු වෙනවා. එතකොටම පාරිභෝගියකු එනවා. ඔහු ගෙවීම් කරනවා. පාරිභෝගිකයා ගෙවීම් කළාම ඔබ කොහොමද ඔවුන්ගේ බඩු නොදී ඉන්නේ කොහොමද ? එහෙම නොදෙනවා නම් එය සොරකමක්” යැයි තුර්කි ජනාධිපති එර්දොවාන් පැවැසීය.

තුර්කිය ඇමෙරිකාවට, එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක් ගෙවූ බවත් තුර්කිය ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවත් හෙතෙම තවදුරටත් කීය.
 
ඒ.එෆ්.පී.ඇසුරිනි 
055


 



අදහස් (0)

‘ඇමෙරිකාව එෆ් 35 ප්‍රහාරක ජෙට් යානා ප්‍රතික්ෂේප කිරීම සොරකමක්‘-තුර්කි ජනපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site