සුඩානයේ අගනුවර කාර්ටොම්හි පැවැත්වූ විරෝධතාවක් අතර තුර සිදුවූ ගැටුමකින් හය දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත. මියගිය අය අතර ආරක්ෂක නිලධාරියෙකු ද සිටින බව පැවසේ.
පූර්ණ සිවිල් රජයක් ඉල්ලා වැසියන් විරෝධතාවයේ යෙදුන අතර යුද හමුදා මූලස්ථානය ඉදිරිපිටදී සිදුවූ වෙඩි හුවමාරුවකදී මෙම මරණ සිදුවී ඇතැයි වාර්තා වේ.
විරෝධතාකරුවන් පවසන්නේ සිද්ධියට ආරක්ෂක අංශ වගකිවයුතු බවයි. හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් වෙඩි තැබූ බව ආරක්ෂක අංශ පවසා ඇත.
පසුගිය මාසයේ ජනපති ඔමාර් අල් බෂියර් බලයෙන් පහවීමෙන් පසු තාවකාලික හමුදා මණ්ඩලයක් මගින් සුඩානය පාලනය කෙරේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd