ඇලස්කාවේ ගිණිකොනදිග මුහුදේදී සංචාරකයන් රැගත් සී ප්ලේන් දෙකක් එකිනෙක ගැටීමෙන් හතරදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරින් අතුරුදන් වූ දෙදෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව බලධාරීහු පවසති.

මෙම ගුවන්යානා දෙක රෝයල් ප්‍රින්සස් නම් මගී යාත්‍රාවකට අයත් ඒවා බවත් එක් යානයක මගීන් 11ක් ද අනෙක් යාත්‍රාවේ පස් දෙනකු ද සිටි බව සඳහන් වේ. දිවි බේරාගත් දස දෙනකු රෝහල් ගතකර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාව කැනඩාවේ වැන්කොවර් සිට ඇලස්කාවේ ඇන්කොරේජ් වෙත ගමන් කරමින් තිබිණ.

(බීබීසී ඇසුරිණි - 085)