IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදේශිකයින්ට තායිවානයට ඇතුළුවීම තහනම්

විදේශිකයින් තායිවානයට ඇතුළු වීම හෙට සිට තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ විශේෂ පිවිසුම් අවසරපත් හිමි පුද්ගලයින්ට මෙම තහනම ක්‍රියාත්මක නොවන නමුත් ඔවුන් දින 14 ක නිරෝධාන ක්‍රියාවලියකට යටත් කෙරේ.

චීනයෙන් එරටට පැමිණෙන පුද්ගලයින් සීමා කිරීමට සහ වයිරසය ආසාදනය වීම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ද තායිවානය කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලදී.

කෙසේ  වුවත් විදේශවල සිට පැමිණි තායිවාන ජාතිකයින් කිහිප දෙනෙකුට සහ විදෙස් සංචාරකයින් කිහිප දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

ඒ අනුව තායිවානයෙන් මේ වන විට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 100 දෙනෙකි.

මේ අතරින් 10 දෙනෙක්  ඊයේ දිනයේ දී හඳුනාගනු ලැබීය.

එය එක් දිනක දී අලුතින් හඳුනාගන්නා ලද වැඩිම රෝගීන් සංඛ්‍යාව වෙයි. 

 

-226-

(එන්.එච්.කේ. ඇසුරෙනි)

 



අදහස් (0)

විදේශිකයින්ට තායිවානයට ඇතුළුවීම තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site