රුසියාවේ සයිබීරියාවේ බර්යාටියා කළාපයේ ගුවන්තොටුපළකට ගොඩබැස්වීමට ගිය මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් හත්දෙනකු තුවාල ලබා ඇත.
 
අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ කාර්යමණ්ඩලයද ඇතුළුව මගීන් 48දෙනකු සිටි බව බලධාරීහු පවසති.
 
ගුවන්යානය ධාවන පථය ඔස්සේ ඇදී ගොස් අසල පිහිටි ගොඩනැගිල්ලක වැදී ගිනිගෙන ඇත.  යානයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවූ බව නියමුවා පවසයි.
 
කළාපයේ ප්‍රධාන නගරය වන උලාන් උඩේ වෙතින් ගමන් ආරම්භ කර ඇති යානය නිශ්නෙන්ගාස්ක් ගුවන් තෙටේදී මෙලෙස අනතුරට ලක්විය.
 
 
(බීබීසී ඇසුරිණි - 085)