මියන්මාරයේ උතුරුදිග කචින් පළාතේ ජේඩ් පතලක සිදුවූ නායයෑමකින් පතල්කරුවන් 54දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ මොවුන් නිදාගෙන සිට ඇති බවයි.මඩ සහිත ජලයට යටවීම හේතුවෙන් සිරුරු ගොඩගැනීම ඉතා අපහසු වී ඇති බවත් මේවන විටත් ගොඩට ගෙන ඇත්තේ සිරුරු තුනක් පමණක් බවත් බලධාරීහු පවසති.
කෙසේවුවද සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතී.
ඉන්දියානු හා චීන දේශ සීමාව ආසන්නයේ පිහිටි කචින් පළාතේ ජේඩ් පාෂාණ කැණීමේ කර්මාන්තය ජනප්‍රියව පවතින අතර බොහෝ අනවසර හා අවිධිමත් පතල් හේතුවෙන් මෙවන් පාරිසරික ගැටලු නිර්මාණය වන බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.