ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මත්පැන් වර්ගයක් විෂ වී 10දෙනකු මියගොස් 19 දෙනෙකු රෝහල් ගතකර ඇත.
ප්‍රාදේශීයව නිපදවන හූච් නම් මත්පැන් වර්ගයක් මෙලෙස විෂ වී ඇත.
ඉන්දියාවේ මෙවැනි නීතිවිරොධී මත්පැන් බහුලව නිපදවන බවත් දිළිඳුකම හේතුවෙන් බොහෝ දෙනා ඒවා මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් පැවසේ.
විෂ මත්ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
පසුගිය පෙබරවාරි මාසයේ ද මෙවැනි විෂ මත්ද්‍රව්‍ය පානය කිරීම් හේතුවෙන් ඉන්දියාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල 250ක් පමණ මියගියහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd