පැපුවා නිව්ගිනියවේ කඳුකර පෙදෙස් වල ගෝත්‍රික කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් වලින් පසුගිය දින කිහිපයේදී පමණක් 24දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර ගර්භණී කාන්තාවන් සහ දරුවන් ද සිටින බව බලධාරිහු පවසති.තහවුරු නොකල වාර්තා පවසන්නේ මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි අගයක් ගන්නා බවයි.
පැපුවා නිව් ගිනියාවේ පසුගිය කාලය තුල සිදුවූ දරුණුම සමූල ඝාතනය මෙය බව සඳහන් වේ.මින්පෙර සිදුකරන ලද ක්‍රියාවකට පලිගැනීමක් ලෙස මෙම ඝාතන සිදුකර ඇත.
කෙසේ වුවද මෙම ප්‍රහාරයන් දෙකම නිර්දොෂී අහිංසක ජනතාව වෙත එල්ල කරන ලද ප්‍රහාරයන් බවද මෙය ඉතා දුක්ඛදායක කථාවක් බවද හෙලා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසයි.භූමිය සහ වස්තුව බෙදා ගැනීම සඳහා මෙම ගෝත්‍රික පිරිස් දශක ගනනාවක් තිස්සේ අරගල කරති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.