IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දකුණු අප්‍රිකාවෙන් කිලෝ 116ක රයිනෝ අං තොගයක් අල්ලයි

නීතිවිරෝධීව රටින් පිටතට ගෙනයෑමට සැලසුම් කර තිබූ රයිනෝ අං කිලෝග්‍රෑම් 116ක් අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු බලධාරීන් සමත් වී ඇත.

මෙහි ඩොලර් මිලියන 1.3ක වටිනාකමින් යුත් රයිනෝ අං 36ක් තිබී හමුවී ඇත. 

පසුගිය වසර කිහිපය තුළ එරටින් අල්ලා ගන්නා ලද විශාලම තොගය මෙය යැයි සැලකේ. 

ජොහැන්ස්බර්ග්හි ටැම්බෝ ගුවන්තොටුපල රේගුව විසින් ලිසී නම් සුනඛයෙකුගේ උපකාරයෙන් මෙම සොයාගැනීම සිදුකර ඇත.

මේවා සැරසිලි උපකරණ තොගයක් සමග ඉතාමත් සූක්ෂමව පෙට්ටි අටක අසුරා තිබී ඇති අතර ඩුබායි වෙත ගෙන යෑමට නියමිතව තිබුණු බව රේගු බලධාරීහු පවසති.

දකුණු අප්‍රිකාවේ විශාල වශයෙන් සිදුකළ රයිනෝ දඩයම දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීම මත 2014 වර්ෂයේ සිට ක්‍රමයෙන් අඩුවූ නමුත් මේ වනවිටත් වසරකට රයිනෝ සතුන් 1000ක් පමණ ඝාතනය කරන බව සඳහන් වේ.

චීනයේ සහ වියට්නාමයේ රයිනෝ අං යොදාගෙන පාරම්පරික ඖෂධ නිෂ්පාදනය  සිදුකරයි. 

(බිබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

දකුණු අප්‍රිකාවෙන් කිලෝ 116ක රයිනෝ අං තොගයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site