ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ බිරිඳ මෙලනියා සංචාරයක් සඳහා ජපානයට ගොස් ඇත.
ජපාන අගමැති ශින්සුවෝ අබේ විසින් යුවළ පිළිගෙන ඇති අතර නායකයින් දෙදෙනා දැඩි මිත්‍රත්වයක් පෙන්නුම් කළ බව සඳහන් වේ.
ඇමරිකානු ජනපතිවරයා අඟහරුවාදා(28) තෙක් ජපානයේ රැඳී සිටිනු ඇති අතර වෙළඳ කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය බොහෝදුරට චාරිත්‍රානුකූල සංචාරයක් ලෙස පෙනෙන බවයි.
දෙරට අතර වෙළඳ ගනුදෙනු අවිනිශ්චිතවීමේ අවදානමක් මතුව ඇති අවස්ථාවක ටෝකියොව සමඟ ශක්තිමක් සබඳතා ඇති බව පෙන්නුම් කිරීම සංචාරයේ අරමුණ වියහැකි බවද විචාරකයෝ සඳහන් කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ... ජපානෙත් ඉවරයි... මෙයා ගිය හැම රටක්ම වැටිලා තියෙන්නේ..!!