IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ට්‍රම්ප්ගෙන් චීනයට දැඩි චෝදනා

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් චීනය දැඩි ලෙස දෝෂරෝපණය කළේය.

දැඩි කෝපාවිෂ්ට ස්වභාවයකින් සැසිය ඇමතූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, ලෝක බලවතුන් දෙදෙනා (ඇමෙරිකාව-චීනය) අතර නව සීතල යුද්ධයක් (නිරවි) ඇති වනු ඇතැයි ද අනතුරු ඇඟවීය.

‘කොවිඩ්-19’ ගෝලීය වයිරස වසංගතය හේතුවෙන් මෙවර මහ මණ්ඩල සැසිය සම්පූර්ණයෙන්ම පාහේ පැවැත්වෙන අන්තර්ජාල හා විඩියෝ තාක්ෂණය ඔස්සේ ය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙවර කතාව මැතිවරණ රැළියක ස්වභාවයක් ගත්තේ ය.

මහ මණ්ඩල සැසිය අමතමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා “චීන වයිරසය” යන වදන ද භාවිත කළේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අවස්ථා කිහිපයදීම “කොවිඩ්-19” ගෝලීය වයිරස වසංගතය “චීන වයිරසය” යනුවෙන් හැඳින්වීය.

“මේ මහ වසංගතය ලෝකයට මුදාහැරපු රට ලෝකයට වගවෙන්න ඕනෑ. චීනය මේකට වගකියන්න ඕනෑ” යැයි ට්‍රම්ප් කීය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාව කලින් පටිගත කරන ලද එකකි.

සාමාන්‍යයෙන් මහ මණ්ඩලය සැසිය පැවැත්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ය. මූලස්ථානයේ පිහිටි ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී සම්ම්න්ත්‍රණය පැවැත්වෙන අතර මෙවර සෑම රටක්ම නියෝජනය කරමින් එක් නියෝජිතයකු ඊට සහභාගී කරවා තිබිණි. ඔවුහු සියලු දෙනා මුඛ ආවරණ පැළැද ඊට සහභාගී වී සිටියහ.

“ඇතැම් අය ඇමෙරිකාවේ විශිෂ්ට පරිසර වාර්තාවට චෝදනා කරනවා. ඔවුන් චීනයේ දැවැන්ත පරිසර දූෂණය ගැන කතා කරන්නේ නැහැ. එහෙම බැලුවාම ඔවුන් ඇත්තටම පරිසරයට ආදරය නැති බව පෙනී යනවා. ඔවුන්ට ඕනෑ ඇමෙරිකාවට දඬුවම් දෙන්න විතරයි. මම ඒකට ඉඩ තියන්නේ නැහැ” යැයි ට්‍රම්ප් කීය.

චීනය නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් තොරතුරු සැඟවූ බවට මෙහිදි ඇමෙරිකානු ජනාධිපතිවරයා නැවත වරක් චීනයට දොස් නැගීය. වූහාන් නුවරින් මුල් වරට වයිරස ආසාදිතයන් හමු වූ අවස්ථාවේදී චීනය ඒ පිළිබඳ තොරතුරු ලොවට වසන් කළේ යැයි ද හෙතෙම කීය.

“චීනයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් වයිරසය මනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ට බෝනොවන බවට වැරදි ප්‍රකාශයක් කළා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය පාලනය කරන්නේ චීනය” යැයි ද හෙතෙම කීවේය.

නව කොරෝනා වයිරසය මනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යන්ට බෝ නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මුලදී ප්‍රකාශ කළ ද පසුව එම ප්‍රකාශ නිවැරැදි කරමින් නව තත්ත්ව දැනුම් දෙමින් නිවේදන නිකුත් කළේය.

මේ අර්බුද උග්‍ර වීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ද ජනාධිපති ට්‍රම්ප් පියවර ගත්තේ ය.

පෝලියෝ, මැලේරියාව ඇතුළු ලොවපුරා පැතිර යන රෝග පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසර ගණනාව මුළුල්ලේ ලෝක සෞඛ්‍ය සංවිධානයට මූල්‍ය දායකත්වය දක්වා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම මුදල් පරිත්‍යාග කරන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි.

‘කොවිඩ්-19’ වයිරසය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනයට එල්ල වන චෝදනා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය දෙසට එල්ල කිරීමට උත්සාහ කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ඊයේ (22) 200,000 ඉක්මවා ගියේය. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

මේ අතර තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ දිගටම තබාගන්නා බවත් එහි සාමාජිකත්වය ඉවත් කර නොගන්නා බවත් ජෝ බයිඩන් පවසා ඇත. නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයේ, ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ජෝ බයිඩන් ය. ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරයි.

 

ඒ.එෆ්.පී. 

055



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් චීනයට දැඩි චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site