විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගේ සහායකු අත්අඩංගුවට ගත් බව ඉක්වදෝර අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අද (12) පැවැසීය.
ඔහු ජපානයට පැන යෑමට උත්සහ කළ අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගත් බව ඉක්වදෝරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මරියා පෝලා රෝමා සඳහන් කළාය. එහෙත් ඇය එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සඳහන් කළේ නැත.
වසර හතක් ඉක්වදෝරයේ රැකවරණ මත ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටි ජුලියන් අසාන්ජ් බ්‍රහස්පතින්දා (11) ලන්ඩන් පොලිසියේ අත්අඩංගුවට පත්විය. ලන්ඩන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමකට අනුවය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ඔලා බිනි බවත් ඔහු මෘදුකාංග සංවර්ධනය කරන බවත් ඔහු ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ ‘ක්‍රිප්ටෝග්‍රැෆි’ සම්බන්ධයෙන් මෘදුකාංග ශිල්පියෙක් බවත් ඉක්වදෝරයේ ටෙලිඇමසොනාස් රූපවාහිනි සේවය වාර්තා කර තිබිණි. කෙසේ නමුත් එම රූපවාහිනි සේවය කිසිදු මූලාංශ්‍රයක් උපුටා දක්වා නොතිබිණි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.