IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජනාධිපතිවරණය ප්‍රමාද කරන්න : ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල්දැමීම සුදුසු යැයි ඇමෙරිකා ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ජනාධිපතිවරණයේදී තැපෑල මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම වැඩිවීම නිසා මැතිවරණ වංචා හා අක්‍රමිකතා සිදුවිය හැකි බවත් එම නිසා වැරැදි සහගත ප්‍රතිඵල නිකුත් විය හැකි බවත් පෙන්වාදෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජනාධිපතිවරණය කල්දමන්නැයි එලෙස යෝජනා කර ඇත.

නව කොරෝනා වයිරසය හේතුවෙන් නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ප්‍රමාද වන බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉඟියක් ද දුන්නේය.
නව කොරෝනා වයිරසය මධ්‍යයේ මැතිවරණය පැවැත්වුවහොත් වංචනික ක්‍රියා සිදුවිය හැකි පෙන්වාදෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ඉඟි කළේය.

මේ දක්වා කරන ලද මත විමසුම්වලින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැඩි පසුබෑමකට මුහුණ පා සිටී.
“ජනතාවට නිසි පරිදි, ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන තුරු මැතිවරණය ප්‍රමාද කරන්න” යැයි ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

මෙවර මැතිවරණය පැවැත්වුවහොත් එය ඇමෙරිකානු ඉතිහාසයේ වංචනිකම මැතිවරණය බවට පත්වනු ඇතැයි ද හෙතෙම කීය.

ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශ තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම තැපැල් මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට විරෝධය පළ කළේය. තැපෑල මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වංචා, දූෂණ හා අක්‍රමිකතා සිදුවනු ඇතැයි ට්‍රම්ප් නිරන්තයෙන් පැවැසීය.

නව කොරෝනා වයිරසය වසංගතය හේතුවෙන් ඇති වූ තිබෙන තත්ත්වය විශේෂයෙන් මහජන සෞඛ්‍යයට කර තිබෙන බලපෑම් සැලකිල්ලට ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක් තැපෑල මාර්ගයෙන් ඡන්දය පහසු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තනි බලය ඇතිව මැතිවරණය කල්දැමීමට බලයක් නොමැත. මැතිවරණයක් කල් දැමෙන්නේ නම් එය කොංග්‍රස් මණ්ඩලයේදී අනුමත විය යුතුය. ඇමෙරිකානු ජනාධිපතිවරයාට කොංග්‍රසයේ, මණ්ඩල දෙක අභිබවන සෘජු බලතල නොමැත.

තැපෑල මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම විදෙස් මැදිහත්වීම්වලට ඉඩ සලසන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි. එහෙත් සිය තර්කය තහවුරු කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකරයි.

“ඩිමොක්‍රටික් පක්ෂයේ මැතිවරණයට විදෙස් බලපෑම් ගැන කතා කරනවා. එහෙත් තැපෑල මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම විදෙස් මැදිහත් වීම්වලට පහසු මාර්ගයක්” යැයි ට්‍රම්ප් පැවැසීය.

තැපෑල මඟින් ඡන්දය ප්‍රකාශ කිරීම අත්හදා බැලූ ප්‍රදේශවල එය මහ ව්‍යවසනයක් වූයේ යැයි ද ට්‍රම්ප් කීය.
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේ නිව්යෝක්හි ප්‍රාථමික මැතිවරණය පසුගිය ජූනි මාසයේදී පැවැත්විණි. එහිදි ඡන්ද දායකයන්ට තැපෑල මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන ලදි. එහෙත් ඡන්දය ගණන් කිරීමේ දැඩි ප්‍රමාදයක් ඇති වූ අතර එහි ප්‍රතිඵල මොනවාදැයි තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැත.

නිවැරැදි පරිදි සම්පූර්ණ නොකිරීම හෝ ඡන්ද විමසීම නිල වශයෙන් අවසන් වූ පසු තැපැල් පත්‍රිකා යැවූ බව තහවුරු කරන තැපැල් මුද්‍රා නොමැති වීම හෝ යන කරුණු නිසා ඇතැම් ඡන්ද ගණනය කිරීමට ලක් නොවුණු බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ නමුත් තවත් ප්‍රාන්ත ගණනාවක් තැපෑල මාර්ගයෙන් ඡන්දය විමසා ඇත.

කොංග්‍රසයේ සහාය නොමැතිව ජනාධිපති ට්‍රම්ප්ට තනිවම නොවැම්බර් ජනාධිපතිවරණය කල්දැමිය නොහැක. කොංග්‍රසයේ නියෝජිත මණ්ඩලයේ බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය සතුව. එය තවත් හේතුවකි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව වන කොංග්‍රසය මණ්ඩල දෙකකින් සමන්විතය. ඉහළ මන්ත්‍රී මණ්ඩලය සෙනට් මණ්ඩලය වන අතර පහළ මන්ත්‍රී මණ්ඩලය ‘නියෝජිත මන්ත්‍රී මණ්ඩලය’ වේ.

ඕනෑම යෝජනාවක් මුලින්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය යුතුය. ඉන් අනතුරුව එය සෙනට් මන්ත්‍රී මණ්ඩලයට යවයි. ඔහු මේ බව නොදැන සිටියා නම් කවුරුන් හෝ මේ වනවිටත් ඔහුට එය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ.එෆ්.පී./රොයිටර්ස් 

055

 



අදහස් (0)

ජනාධිපතිවරණය ප්‍රමාද කරන්න : ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site