IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා පාලනයට කොරියාවේ දැඩි සීමා

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ඉදිරි සති දෙකක කාලය සඳහා දැඩි සීමා පනවන බව දකුණු කොරියාව අද (25) සඳහන් කළේය.

දකුණු කොරියාවේ සිසිර උදාව එළැඹීමට නියමිතය. දකුණු කොරියානු වැසියන් සාම්ප්‍රදායිකව සිය පවුල්වල සාමාජිකයන් සමඟ එක් වන්නේ එම කාලයේ මුල් සති කිහිපයේදී ය.

එබැවින් නව කොරෝනා වයිරස පොකුරු ඇති වීමේ අවදානමක් හටගෙන තිබේ.

මේ ආකාරයෙන් පොකුරු ලෙස වයිරසය පැතිර යා හැකි ඉහළ අවදානමක් ඇති ස්ථාන 11ක් හඳුනාගෙන තිබේ.

සෝල් අගනුවර මෙට්‍රෝ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශවල එම ස්ථාන පිහිටා ඇත. රාත්‍රී සමාජ ශාලා සහ අවන්හල් ඊට ඇතුළත් වේ.

නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා මුලින්ම පැනවූ සීමා දකුණු කොරියාව තුළ තවමත් ක්‍රියාත්මක වේ.

මේ වනවිට ඒවායේ දෙවැනි අදියර ක්‍රියාත්මක වන අතර සමාජ දුරස්ථභාවයට අදාළ දෙවැනි අදියරේ සීමා ක්‍රියාත්මක වේ. ඒ අනුව ගෘහස්ත කටයුත්තකට එක්විය පුද්ගලයන්ගේ උපරිම ගණන 50කි. එළිමහන් ඉසව්වකට එක් කරගත හැක්කේ 100ක් වන අතර ක්‍රීඩා ඉසවු යනාදිය තවමත් තහනම් ය.

මෙම නව ක්‍රියාමාර්ග සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (0)

කොරෝනා පාලනයට කොරියාවේ දැඩි සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site