සෞඛ්‍ය බලධාරීන්ට අනුව, කැනඩාව මේ වනවිට තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ පා සිටින බවත්, එම තෙවැනි රැල්ල බිහිසුණු බවත් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි.
කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඔටෝවා නුවර මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මේ වනවිට කැනඩාවේ රෝහල් සහ ඒවායේ දැඩි සත්කාර ඒකක පිරී යෑමට පටන්ගෙන ඇතැයි ද අග්‍රාමාත්‍ය ටෲඩෝ පැහැදිලි කළේය.
කැනඩා වැසියන්ට මෙතෙක් නිපදවා ඇති, කොරෝනා වයිරසයට එරෙහි හොඳම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙමින් පවතින අතර, බොහෝ දෙනකුට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතැයි ද පැවැසෙයි.
තෙවැනි කොරෝනා රැල්ලක් නිර්මාණය වී ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය.
තෙවැනි කොරෝනා රැල්ලට හේතුව වී ඇත්තේ කැනඩාවේ ව්‍යාප්තවීමට පටන්ගත් විකෘති කොරෝනා ප්‍රභේද යැයි එරට සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.
ඔටෝවාහිදීය (රොයිටර්)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.