IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් බරපතල හානි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි පසුගිය දින කිහිපයේ ඇතිවූ ලැව් ගිනි හේතුවෙන් නිවාස 30ක් පමණ විනාශ වී ඇතැයි වාර්තා වේ. 

ආසන්න ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ද ස්ථාන කිහිපයක ලැව්ගිනි හටගෙන ඇති අතර පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් වැනි ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ගින්න වඩාත් වේගයෙන් පැතිරෙන බව බලධාරීහු පවසති.

එක් පුද්ගලයකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් ඔහු ගිනි ඇවිලීමට මුල්වූ පුද්ගලයකු බවට සැකකරන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

ගිනිගැනීම් හේතුවෙන් මේවනවිට හෙක්ටයාර 100000ක් පමණ විනාශ වී ඇත. සමහර ප්‍රදේශ වල සති කිහිපයක් තිස්සේ ගිනි ඇවිලෙමින් තිබෙන බව පැවසේ.

ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ දැඩි නියං තත්ත්වයක් හටගෙන ඇති අතර එය දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් වඩාත් තීව්‍ර වී ඇති බව විද්‍යාඥයෝ පවසති.

(බීබීසී ඇසුරිණි - 085)                     



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් බරපතල හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site