
ඔස්ට්‍රියාවේ විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්චැලෙන්බර්ග් මහතාට කොවිඩ් - 19 වැළඳී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.
විදේශ අමාත්‍යවරයා යුරෝපා සංගමයේ රැස්වීමකට සහභාගීවීමෙන් පසු සිදුකළ පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී තිබේ.
"ආරක්ෂිත පියවරක් ලෙස විදේශ අමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් සියලුදෙනාට කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. සඳුඳා (12) දින ලක්සම්බර්ග්හි පැවති රැස්වීමේදී ස්චැලෙන්බර්ග් මහතාට කොවිඩ් රෝගය ආසාදනය වන්නට ඇතැයි සිතනවා. කෙසේවුවද අමාත්‍යවරයා රෝග ලක්ෂණ නොපෙන්වන හෙයින් තවත් පරීක්ෂණයක් කිරීමට නියමිතව තිබෙනවා." යැයි විදේශ අමාත්‍ය කාර්යාලයේ ප්‍රකාෂිකාවක පැවසීය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd