IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරු කොරියා නායකයා හදිසි චීන සංචාරයක

උතුරු කොරියානු නායක කිම් ජො-උන් මහතා හදිසි සංචාරයක් සඳහා චීනයට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදුවී ඇති නමුත් කිසිදු පූර්ව දැනුම්දීමක් සිදුවී නැතැයි සඳහන් වේ.

උතුරු කොරියානු නායකයා ඔහුගේ බිරිඳ වන රී සොල්-ජු සමග ජනවාරි 10 වනදා තෙක් චීනයේ රැඳී සිටිනු ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායකයා අතර පැවැත්වීමට නියමිත දෙවන සාකච්ඡා වටය ඉලක්ක කර ගනිමින් මෙම චීන සංචාරය සැලසුම් වී ඇතැයි පැවසේ.

මෙය කිම් ජොන්-උන් අවුරුද්දක කාලයක් තුළ සිදුකළ හතරවන චීන සංචාරයයි.

චීනය උතුරු කොරියාවේ ප්‍රධාන වෙළඳ ගැනුම්කරුවා හා ආධාරකරුවා වන අතර රාජ්‍යතාන්ත්‍රික සහයකයා ද වේ.

 

(බීබිසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

උතුරු කොරියා නායකයා හදිසි චීන සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site