උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
අද(10) උදෑසන ගුවන් ගතකර ඇති මේවා කෙටිදුර මිසයිල ලෙස හඳුනාගෙන ඇත.
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීම සම්බන්ධව ඇමෙරිකාව හා සාකච්ඡා කිරීමට සූදානම් බවට සංඥා කර පැය කිහිපයකින් පසුව මෙම මිසයිල අභ්‍යාස සිදුකර ඇතැයි සඳහන් වේ.
මෙම වසරේ දී උතුරු කොරියාව විසින් යවනු ලැබූ මිසයිල සියල්ල කෙටිදුර ඒවා වන නමුත් ඒවා සුවිශේෂී තාක්ෂණික ප්‍රගතියක් පෙන්වන බව විශ්ලේෂකයෝ අවධාරණය කරයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd