ඊජිප්තුවේ උතුරු දිග සිනායි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් කැරළිකරුවන් 16 දනෛකු මරාදමා ඇත.
සන්නද්ධ කණ්ඩායම හා ආරක්ෂක අංශ අතර මුහුණට මුහුණ සටනකදී මොවුන් මියගිය බව පැවසේ.
කැරළිකරුවන්ගේ තිප්පොලේ සඟවා තිබූ අවිආයුධ හා පුපුරන ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගත් බව අභ්‍යන්තරකටයුතු අමාත්‍යවරයා පවසයි.
කෙසේවුවද මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක අංශවල කිසිවකු මියගියේද යන්න සඳහන් නොවන බවයි.
සිනායි අර්ධද්වීපයේ දිගු කලක සිට ඉස්ලාම් සන්නද්ධ කණ්ඩායම් විසින් සටන් මෙහෙයවන අතර මේ වනවිට ආරක්ෂක අංශ සාමාජිකයන් හා සාමාන්‍ය වැසියන් බොහෝදෙනකු මෙම ගැටුම් වලදී මියගොස් ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd