ඉරාක ආරක්ෂක හමුදා විසින් රාජ්‍ය විරෝධී පෙළපාළිකරුවන් 10දෙනකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
බැග්ඩෑඩ් නගරයේ හය දෙනකු මරාදමා ඇති අතර දකුණු දිග බස්රා නගරයේ හතරදෙනකු මරාදමා ඇත.
සති ගනනක් පුරා පැවති විරෝධතා වලදී ඇතිවූ මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් බොහෝදෙනකු තුවාල ලබා ඇති බවද පැවසේ.
ඉරාකයේ පාලක දේශපාලන ප්‍රභූ පැළැන්තියට එරෙහිව විරෝධතා ආරම්භවූ අතර ටයර් පුළුස්සමින් පාරවල් අවහිර කරමින් විරෝධතාකරුවන් හැසිරුණු බව මාධ්‍ය වාර්තා කර ඇත.
රැකියා හිඟය, පිරිසිදු ජල හිඟය, දුර්වල අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා සහ දූෂණය යන කරුණු ඔවුහු අවධාරණය කළහ.
මධ්‍යම බැග්ඩෑඩ්හි ෂුහාඩා පාළම අසලදී ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට සජීවී වෙඩි ප්‍රහාර එල්ල කළහ.
බස්රා නගරයේ දින ගනනාවක් වාඩිවී සිටිමින් විරෝධතාවයේ යෙදුණු පෙළපාලිකරුවන්ට ද ආරක්ෂක අංශ වෙඩිතැබූහ.
පෙළපාලි ආරම්භවූ ඔක්තෝබර් පළමුවන දින සිට මේ දක්වා 260කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාක හමුදා බැග්ඩෑඩ්-බස්රා පෙළපාලිකරුවන් 10 ක් මරා දමති