IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දුනීසියා විරෝධතාවේ ගැටුමෙන් 6ක් මරුට - 200කට තුවාල

ඉන්දුනීසියාවේ ජනපති ජොකෝ විඩෝඩෝගේ නැවත පත්වීමට එරෙහිව මහජනතාව වීදි බැස විරෝධතාවයේ යෙදුන අතර මෙහිදී ඇතිවූ ගැටුම් වලින් හය දෙනකු මියගොස් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
මෙම තොරතුරු සනාත කරන ජකර්තා ආණ්ඩුකාරවරයා පවසන්නේ මරණ පරීක්ෂණ පවත්වා මොවුන් මියයෑමට හේතුව කුමක්දැයි සොයාගතයුතු බවයි.
 
කෙසේවුවද පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තහවුරු කිරීමට නොහැකි වුවත් කිහිපදෙනකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමග ජකර්තා අගනුවරින් ඊයේ(21) සාමකාමීව විරෝධතා ආරම්භ වී ඇති නමුත් පසුව ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වූ බව පොලිසිය පවසා ඇත. වාහන විශාල සංඛ්‍යාවක් ගිනිතබා ඇති බවද සඳහන් වේ.
 
ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම හේතුවෙන් පුද්ලයන් 69දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.  ඉන්දුනීසියානු මැතිවරණ කොමිසම අඟහරුවාදා ප්‍රකාශ කලේ විඩෝඩෝ ඡන්ද 55.5%ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ බවයි.
 
ඔහුගේ ප්‍රතිවාදියා වූ ප්‍රබෝවෝ මෙම ප්‍රතිඵලය සාවද්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කළේය. පසුගිය අප්‍රේල් 17 වනදා මැතිවරණය පැවැතිවිණ.
 
කෙසේවුවද මේවනවිට ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක සමාජ ජාලා අඩවශයෙන් අවහිර කිරීමට රජය පියවර ගෙන ඇත. ව්‍යාජ පුවත් සංසරණය වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත්බව ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දුනීසියා විරෝධතාවේ ගැටුමෙන් 6ක් මරුට - 200කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site