ඉතාලියට අයත් ස්ට්‍රොම්බෝලි දූපතේ ගිනි කන්දක සිදුවූ ප්‍රබල පිපිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මියගිය පුද්ගලයා සංචාරකයෙකු බවට විශ්වාස කරන අතර පිපිරීමෙන් වීසිවූ ගල්කැබලි වැදීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව බලධාරීහු පවසති. තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ද පැවසේ.

මෙම දූපත සංචාරකයින්ගේ ජනප්‍රිය ස්ථානයක් වන අතර කන්ද අවට සංචාරක ගම්මාන අළුවලින් වැසී ගොස් ඇති බව සඳහන් වේ.

බලාපොරොත්තු නොවූ මොහොතක ගිනි කන්ද සක්‍රිය වී ඇති හෙයින් අනතුරු ඇඟවීමට නොහැකි වූ බව පොලිසිය පවසා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)