IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අවුන් සාන් සූකීට තවත් චෝදනාවක්

මියන්මාරයේ හමුදා රෙජීමය බලයෙන් පහ කෙරුණු එරට නායික අවුන් සාන් සූකී මහත්මියට තවත් චෝදනාවක් එල්ල කර ඇතැයි ඇයගේ නීතිඥවරයා වන කින් මවුන්ග් සෝ මහතා අද (16) පැවැසීය.

මියන්මාරයේ ස්වභාවික ආපදා කළමනාකරණ නීතිය යටතේ ඇයට මෙලෙස චෝදනා එල්ල කර ඇති අතර එය ඇයට එල්ල වූ දෙවැනි චෝදනාව වේ.

ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකී මේ සතියේදී අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ඇයගේ නීතිඥවරයා සෝ ඊයේ පැවැසීය.

ඉකුත් 1 වැනිදා මියන්මාර හමුදාව එරට බලය අල්ලා ගත් අතර අවුන් සාන් සූකී මහත්මිය ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගත්තේ ය.අමියන්මාරයේ හමුදාව අවුන් සාන් සූකීට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන අතර එම චෝදනා විභාගයට ගැනීම සඳහා මෙලෙස ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අවුන් සාන් සූකී විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ වනු ඇතැයි ද ඇයගේ නීතිඥවරයා කීය.

ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ය. කෙසේ නමුත් මැතිවරණයේදී වංචා සිදු වූ ඇතැයි මියන්මාර හමුදා පාලනය දිගින් දිගටම චෝදනා කළේය. මහ මැතිවරණයෙන් පසු පළමු වරට මියන්මාර පාර්ලිමේන්තුව ඉකුත් 1 වැනිදා රැස්වීමට නියමිතව තිබිණි. පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී මියන්මාර හමුදා ජුන්ටාව එරට බලය අත්පත් කරගත්තේ ය.

මියන්මාර හමුදාවේ අත්ඩංගුවට පත්ව සිටින නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී මේ වනවිට 75 වැනි වියේ පසුවෙයි.

ඇයගේ එල්ල වූ පළමු චෝදනාව වන්නේ, ඇගේ නිවසේ තිබී ‘වෝකී-ටෝකී’ ඇතුළු සන්නිවේදන උපකරණ හමු වූ බවත් ඒවා ට කිසිදු නෛතික අවසරයක් නැති බවත් නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ ආනයනය කළ බවත්ය.

මියන්මාරයේ ජනාධිපති වින් මින්ත් මහතා ද අවුන් සාන් සූකී මෙන් හමුදා අත්අඩංගුවට පත්ව සිටියි. නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා කඩ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. ජනාධිපති වින් මින්ත් ගේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට සිය ගණනක් සම්බන්ධ වූහ.

ඔවුන් දෙදෙනාගෙන් අද සහ හෙට යන දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිත බව ද අවුන් සාන් සූකීගේ නීතිඥවරයා පැවැසීය. අවුන් සාන් සූකීගේ සහ මියන්මාර ජනාධිපතිවරයාගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ කරනු ඇතැයි ද හෙතෙම කීය.

- ඒ.එෆ්.පී. -

(055)



අදහස් (1)

අවුන් සාන් සූකීට තවත් චෝදනාවක්

බද්රානි Wednesday, 17 February 2021 02:52 PM

ලොවම රැවටුවා. රෝහීන්ගයා මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමට අනුබල දුන් ඇයට දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ලංකාවට බොහෝසෙයින් සමාන චර්යාවන් ඇති මියන්මාර ජනතාවටත් කිසිදාක සැනසීමක් නැහැ. මිලේච්ඡ සාහසිකයෝ...

:       112       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site