නාලක සංජීව දහනායක
රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් අද (25) සියලූ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
පසුගිය ආණ්ඩුව යටතේ සිදුවූ දරුණු ආර්ථික පරිහානිය නතරකරවා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් තමන්ට රට බාරදුන් බවත් කී අගමැතිවරයා මේ මොහොතේදී තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් බැවින් බිඳවැටීමේ ප‍්‍රවණතාවයන් මාසයෙන් දෙකෙන් නිවැරදි තත්ත්වයට හැරවිය නොහැකි යැයි කීය.
කොළඹ,මල්පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී අද (25) අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ප‍්‍රකාශය සිදුකළේය.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
මේ මොහොතේදී ආර්ථික ප‍්‍රපාතයෙන් රට ගොඩ ගැනීම සඳහා රජයේ අනවශ්‍ය වියදම් කපා හැර කැපකිරීම් කළ යුතු බවත් කී අගමැතිවරයා ජනතාව මත බදු පටවමින් මැති ඇමැතිවරුන්ට අධික වියදම් කළ එක්සත් ජාතික පක්‍ෂයේ ක‍්‍රමය නතර කරන බවද පැවසීය.
එබැවින් යුද්ධය අවසන් කිරීමට තමන්ට සහය දුන්නාක්මෙන් වැටී තිබෙන රට ගොඩ ගැනීම සඳහා තමන්ට මේ මොහොතේදී සහය ලබාදෙන ලෙසත්, මෙම අවස්ථාව මඟ හැරුණහොත් ග‍්‍රීසියට සිදුවූ දෙයම අප රටටත් සිදුවනු ඇතැයිද අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
( වීඩියෝ 356)
COMMENTS
අවුරුදු 30ක් විතර තිස්සේ දේශපාලකයෝ ඔක්කොම කියන්නේ "මේ තමයි රට ගොඩගන්න තියන අන්තිම අවස්ථාව" කියල. මෙතුමා දෙවරක් විධායක ජනපති වෙලා ඉන්න කාලේ ඔය "අවස්ථාව" නොගත්තේ මොකද කියන එක අපට ලොකු ප්‍රශ්නයක්.
අනිවාර්යෙන්ම අපගේ සහය ඔබතුමාටයි. යූ.එන්.පී එකෙන් විනාශ කරපු අපේ මාතෘ භූමිය නැවත ගොඩ නැංවිය හැක්කේ ඔබතුමාට පමණයි. හැබැයි මේ දේත් මතක තියාගන්න. නැවතත් නාමල්, බැසිල් වගේ කට්ටිය ඕනෑවට වඩා ලං කරගත්තොත් රටට පෙර ඔබ නැතිවනවාට කිසිම සැකයකුත් නැති බව. එවැන්නන්ගේ බේබි හෝ සර් පට්ටම් රටට වැඩක් නැහැ වගේම එවැනි පට්ටම් රටේ මහජනයාට තම්මැට්ටම් පමණක් බවත් මතකයේ තබාගන්න. ඔබගේ අරමුණට ජය ප්‍රාර්ථනා කරමි...
අනිවාර්යයෙන්ම අපි සපෝර්ට් එක දෙනවා. හැබැයි ඉදිරිය පැහැදිලි විය යුතුයි!!! 1. ජනතාව ඉවත් කරන මන්ත්‍රීන්, ජාතික ලැයිස්තුවෙන් නොගත යුතුයි. 2. පවුලේ අය සම්බන්ධ කරගැනීම් අවම විය යුතුයි. 3. මර්වින් වැනි අයට නොමිනේෂන් නොදිය යුතුයි. 4. විදේශ සංචාර සඳහා විශාල පිරිස් සහභාගි නොවිය යුතුයි. 5. මන්ත්‍රීන් සහ ඇමැතීන්ට වාහන පර්මිට් නොදිය යුතුයි. 6. කුඩු සහ මත්ද්‍රව්‍ය වලට ඉහළම දඬුවම් නියමකළ යුතුයි.
සියලු දෑ අනිත්‍යයි.
මෙහි පළමු පියවර ලෙස ණය රෝල් කරමින් ණයට ජිවත් වෙන සංස්කෘතිය නවත්වන්න. අද අපි භුක්ති විදින්නේ රටේ අදායමට දැරිය නොහැකි අන්දමට ණය ලබා ගනිමින් රටට ආදායමක් නැති ව්‍යපෘති කරවීමේ ප්‍රතිපලයි. අපේ අපනයන සහ ආනයන අතර වෙනස පමණක් ඩොලර් බිලියන 10 ක්. මෙවැනි පරතරයක් පියවීමට ණය ගැනීමට වඩා, ඉන්ධන වැනි දේ ලෝක වෙළඳ පොලෙන් මිලදී ගන්නා මුදලටම මහජනයාට අලෙවි කල යුතුයි. මෙවැනි දේ ජනප්‍රිය තීරණ නොවුනත්, රටේ ජනතාවට පවතින යථාර්තය ඒත්තු ගැන්වීම සඳහා කල යුතුයි.
ඩී. උපුල් හලෝ මෙතුමා ඔබගේ නායකයින්ට අවුරුදු 25 ගොඩගන්න බැරුව සිටි මෙරට ගොඩ දාලා දෙනවිට ඉපදිලා හිටියේ නැද්ද? එල් ටී ටී ඊ ත්‍රස්තයින් පරදවා ගන්න බැරිඋනාම ඔබේ නායකයා තීරණය කලේ ප්‍රබාකරන්ට උතුර භාර දෙන්න නේද. කොයි පැත්තෙන්ද කතාකොරන්න.
රටක කොඳුනාරටිය කියන්නේ ව්‍යවස්ථාව... ඔබතුමා 113 පෙන්නුවා නම් ප්‍රශ්නය ඉවරයිනේ...
අභිමතය ලෙස භාවිතා කිරීම නීත්‍යානුකූල නොවේ...
අද අගමැති කෙනෙක් රටට නැහැ...
පස්ස දොරෙන් රිංගාගත හොර අගමැති කෙනෙකුගේ කතා අපට වැඩක් නැහැ ..!
ඔබතුමා කොහොම වැජඹෙන්න ඕනෙ කෙනෙක්ද? හොරෙන් අගමැතිකම ගන්න තත්වයට වැටිලා...
පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව, මුදල් හෝ පනත් අනුමත සම්මත කර ගැනීමට නොහැකිව තිබියදී ලේ පිපාසිත කූඩැල්ලෙකු මෙන් ව්‍යවස්ථා විරෝධි ලෙස අගමැති තනතුරෙ එල්ලී සිටින්නේ ඇයි? මහින්ද (හිටපු) රජතුමනි? තමන්ගේ පවුලේ උදවියට සහ ගාමිණි සෙනරත්, වීරතුංග වැනි අයට විරුද්ධව පවරා ඇති දූෂණ හා මිනීමැරුම් චොදනාවලට අදාල සාක්ෂි හා ලේඛන අතුරුදහන් කරවා ගැනීමට නම් ඒ සම්බන්ධ පරීක්ෂණ කරන නිලධාරින් බියගැන්වීමටද ඔය තනතුරේ බලය උපරිම ලෙස භාවිතා කළ හැකියි. අගමැති තනතුරේත් ගෞරවය රැකෙන විදියට, ඒ තනතුර බාරගැනීම ගැන ජාතියෙන්ම සමාව අරගෙන ෂේප් වුණා නම් නම්බුකාරයි නේද, හිටපු රජතුමනි?
මෙයා ඉතින් කොහේ ගියත් දෙසා බාන්නේ "විශේෂ ප්‍රකාශ" නිසා ඒවායේ කිසිම වැදගත්කමක් නැහැ. කවදාද මෙයාගේ මුඛෙන් අලුත් දෙයක් පිට උනේ? මහජන වේදිකාවකට නැග්ගත්, පන්සලකට ගියත් වාදනය කරන්නේ එකම තැටිය විතරයි.
දැන්ද තේරුනේ ග්‍රීසියට වෙච්චදේ වෙයි කියල ? ජාත්‍යන්තර ආධාර නැවැත්තුවේ සංචාරකයින් බුකින් අවලංගු කලේ 26 වැනිදායින් පස්සෙ,
මට තියන ප්‍රශ්නය මෙච්චරයි. දැන් ඔබ ගිය දවසට අපිට හිටපු ජනාධිපති කියන්න බැනේ. ඔබ හිටපු අගමැති වෙනවා නිකම්ම. වෙන රටවල් වල ජනාධිපති උනාම එතනින් නතර වෙනවා. මිනිස්සු සලකනවා ඉන් පස්සේ හිටපු ජනාධිපති කියලා.
තාත්තගේ නමට සලකලා දැන්වත් ගෙදර යන්න මහත්තයෝ....
එදා ආර්ථිකය අපි දැක්කා.
කියන කතා දවසින් දවස වෙනස් වෙනවනෙ.
කවුද අප්පේ මෙයාට අගමැති වෙන්න කියලා ඡන්දෙ දුන්නේ? පස්ස දොරෙන් රිංගලා ඇවිත් කරන්න බැරි දේවල් කියලා සවුත්තු වෙන්න එපා.
ග්‍රීසියට වෙන්න යන දේ දැක දැක තමා මෙයාලගේ කාලේ ග්‍රීක බැදුම්කර වල ආයෝජනය කරේ.
ජයා ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා දන්නවාද? නොදන්නා දේවල් කතා කොරන්න ගිහිල්ලා දිව විකා ගන්නේ නැතිව ඉන්න.