IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි

(අජිත්ලාල් ශාන්තඋදය)

රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ රැස්වීමේ දි පැවසුවේය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ ප්‍රගතිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න ඇමැතිවරයා පැවසුවේ වැඩ කරන ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් දවසේ වෙහෙස මහන්සි වී ඇඟපත පහන්සියට ගල් අරක්කු ටිකක් පානය කරන බවයි. නමුත් අද වන විට ගල් අරක්කු බෝතලයක් රුපියල් 1500ක් දක්වා ඉහළ මිලක් පැවතීම නිසා වෙහෙසෙන ජනතාව කසිප්පු වැනි නීති විරෝධී මත්වතුර පානය කිරීමට පෙළඹී ඇති බව ද ඇමතිවරයා පැවසීය.

වර්තමානයේ වතු ආශ්‍රිතව පිරිමින් පමණක් නොව කාන්තාවන් ද හැන්දෑවට කසිප්පු පානය කිරීමට දැඩි ලෙස පෙළඹී ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය. ඒ නිසා මේ කසිප්පු ජාවාරම කොතරම් වැටලීම් කළත් නැවත නැවත ඉස්මතු වන්නේ මිල අධික කම නිසා ජනතාවට සීල් අරක්කු බොන්න නොහැකිවීමෙන් යැයි ද කීවේය. වැඩි දෙනෙක් භාවිතයට ගන්නා ගල් අරක්කු බෝතලයක මිල ඒ නිසා පහත දමන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද කීවේය. රජයේ අදායම අඩුවීමට පිළියමක් ලෙස අරක්කු මිල ඉහළ දැමුවද එය කසිප්පු වැඩිවීමට හේතුවක් වූ බව ද කීවේය.

ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල මහතා ද අදහස් පළ  කළේ ය.

 



අදහස් (36)

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි

Susil Monday, 24 April 2017 10:33 AM

හොඳ අදහසක්... සමාජයේ ගොඩක් අය බොන්නේ ගල් අරක්කු තමයි. බොන කෙනා කීය දීලා හරි බොනවා. ගල් අරක්කු බොන අයගෙන් බහුතරයක් මුදල් අතින් අමාරු අය. ඉතිං අඩු කරොත් පවුලේ අනිත් අයගේ තත්වය හොඳ වෙයි. අරක්කු බීම සෞඛ්‍යයට අහිතකරයි තමයි. ඒත් ඉතිං අපිත් ඉදලා හිටලා ඉතිං...... හැබැයි ගල් නම් බොන්න ආමාරුයි. කාන්තාවන් නම් විවේචනය කරනවා. නමුත් තිත්ත ඇත්ත මේක තමයි.

:       1629       1082

savant Monday, 24 April 2017 10:34 AM

හික් හික්.... ගල් අරක්කු විතරද? පොල් අරක්කු නෙවෙයිද? සමන් දෙවියන්ටම කියමු මේ කට්ටියව රකින්න කියලා...

:       7       51

Rohan Monday, 24 April 2017 10:37 AM

මෙන්න නියම ඇමතිලා... දුප්පතාගේ දුකකට පිහිට වෙනවා. ගල් අරක්කු බීපුහම ගෙදර හැමෝගෙම බඩවල් පිරෙනවා කිසිම දෙයක් වෙන ඕනේ නැහැ. මෙයාලට ඡන්දය දීල පාර්ලිමේෙන්තුවට යවපු ජනතව ඊළඟ මැතිවරණයේදීත් ගල් අරක්කු ලාබෙට ඕනේ නම් මෙයාව පත්කරලා එවන්න හොඳේ. මෙයාල අරක්කු මුදලාලිලාද, එහෙම නැත්නම් දේශපාලකයොද කියන එක හොයල බලන්න ඕනේ...

:       198       717

Roshan Monday, 24 April 2017 10:51 AM

සෙනෙවිරත්නගේ බ්‍රෑන්ඩ් එක ගල් අරක්කු වෙන්න ඇති. ඕක අඩු කරන්නම එපා තවත් වැඩි කරන්න...

:       457       1120

mgm Monday, 24 April 2017 10:52 AM

මෙයා ගහන්නේ ගල් වගේ...

:       103       570

nihal Monday, 24 April 2017 10:59 AM

දුප්පත් මිනිහට වාසියක් දෙන්න හොඳේ

:       300       88

සුගත් Monday, 24 April 2017 11:04 AM

ඉතාම හොඳ තීරණයක්, ගල් බෝතලයේ මිලෙන් 3/2 තියෙන්නේ බදු, අරක්කු මිල ඉහල යාමෙන් වැඩි පිරිසක් කසිප්පු සහ බාල මත්පැන් වලට, යොමු වීම මේ තුලින් වලක්වා ගත හැකිය

:       202       277

ජයනාත් සමරසිංහ. Monday, 24 April 2017 11:51 AM

අැමතිතුමනි.. ඹබතුමාගේ යෝජනාව ඉතාමත් නිවැරදි එකක්. කම්කරුවෙකුටත් අවස්ථාව තිබිය යුතුයි, තමන්ගේ යාලුවක්, හිතවතෙක් එක්ක අහිංසක විනෝදයක් ලබන්න. මම ඔබතුමාට ස්තුති කරනවා ලංකාවේ පලමු වතාවට මෙවැනි අදහසක් නිර්භයව ඉදිරිපත් කිරීම ගැන.බොරු සුචරිත වාදියෝ රෙදි කරට අරගෙන ඔබතුමාට කරන අපහාස නම් මෙතැන්සිට ඔබට අත්විඳින්න වේවි.

:       210       357

Sujeewa Monday, 24 April 2017 11:55 AM

මහනුවරට සෙනඟ ගෙන්න ගන්න "ගල් අරක්කු" ඕන. මේ යහපාලනය තේරෙන්නේ නෑ නොව...

:       148       1223

ekanayake Monday, 24 April 2017 12:01 PM

අන්න එහෙම එන්න ඇමතිතුමා... !!!

:       40       19

Pradeep Liyanage Monday, 24 April 2017 01:11 PM

ජනතාවගේ තවත් එක් දැවෙන ප්‍රශ්නයක් විසඳූ ඔබට අපේ ආචාරය... අනේ මෙහෙමත් පාලකයන්. රට වටේම මුහුද තියාගෙනත් ලුණු රු 80.00ට වැඩිකලා, හාල් රු 100.00 යි. පොල් රු. 75 - 80යි. ඒවා එහෙමම තියෙද්දී අරක්කු මිල තමයි අඩු කරන්න ඕන. අරක්කු මිල අඩු කරන්න නෙමෙයි, අරක්කු ලංකාවෙන්ම තුරන් කරන්න පුළුවන් විදියේ තීරණයක් ගන්න තරම් කොන්දක් තියන, බුද්ධියක් තියන කෙනෙක් වත් නැද්ද? ඔය 225 අතරේ.

:       46       1287

maheeTuesday, 25 April 2017 12:27 AM

එහෙම කොන්දයි, බුද්ධියයි දෙකම තියාගෙන හරි නැතුව හරි, මත්පැන් තුරන්කළ, ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක් උදාහරණෙට පෙන්නලාම කිව්වා නම් තමයි හොඳ, නේද? බොහොම අයට අදහස් තියෙනවා, හැබැයි‍ ඒවා ගැලපෙන්නේ කාල්පනික ලෝකවලට විත‍රයි.

:       35       13

Pradeep LiyanageThursday, 27 April 2017 01:59 PM

මහී, උදාහරණ ඕන නෑ. ඇයි අපි කවුරුත් කරපු දෙයක් කරන්නේ, ඇයි අපිට බැරි අපේම අදහස්, නව සිතුවිලි ක්‍රියාත්මක කරන්න. රටට ජනතාවට හොදක් වෙනවනම් මොකටද බය වෙන්නේ. ඔයාල වගේ අය සහ පාලකයන් ඉන්නතුරු නම් මේවගේ දෙයක් කරන්න බෑ තමයි.

:       0       4

sunil wijesena Monday, 24 April 2017 01:24 PM

අපිට කන්න ඕනෙ නෑ... අරක්කුම තමා ඕනෙ. මෙයාල කොළඹින් අයින් කරන්න යනවා කියල එක ඇමැති කෙනෙක් කිව්වා..

:       35       20

Danuska Monday, 24 April 2017 01:30 PM

සුපිරි ඇමති !!! ගල් අරක්කු ඇමති .....

:       38       44

චමීර Monday, 24 April 2017 01:36 PM

මේකෙ අදහස් දාලා තියෙන ගොඩක් අය ප්‍රායෝගික නැහැ , මිල වැඩි කලා කියලා අරක්කු බීම අඩු වුනේ නැහැ ,හැබැයි දුප්පත් මිනිහගෙ අනිත් දේ මිලට ගන්න තියෙන සල්ලි වලට කෙල වුනා විතරයි , අරක්කු බොන එක නවත්වන්න පුලුවන් ස්වයංවාරනයකින් පමණි , අනිත් එක මේ ඇමැතිවරයා අරක්කු බොන කෙනෙක් නෙවෙයි

:       30       190

පිටිගල මිලානෝ Monday, 24 April 2017 03:15 PM

බොන මිනිහා කොහොමත් බොනවා. ඉතාලියේ පන්සල් වල වැඩියෙන්ම පින්කම් කරන්නේ සහ අවුරුදු උත්සව වැනි සංස්කෘතික කටයුතු වලට බැහැලා උදව් කරන්නේ වැඩියෙන්ම බොන අයයි. ලංකාවේ බොන මිනිහා මිල කීය වුවත් කොහොමත් බොන නිසා මිල අඩු කරාට ප්‍රශ්නයක් නැහැ.

:       0       0

lalith Monday, 24 April 2017 03:27 PM

ඇමතිතුමා මේ පාර අවුරුද්දට වැඩිය බඩු විකුණුනේ නැහැ... මිල වැඩි නිසා. එකයි ටිකක් අඩුවෙන් ගතමනාව දෙන්න උනේ.......

:       0       0

විජේසේකර Monday, 24 April 2017 04:47 PM

මේක හොද තීරණයක්‌. නිත්‍යානුකූල මත්පැන්/ සිගරට් වල මිල දරා ගන්න බැරි තරම් ඉහල යන් නිසා වන්නේ වෙනත් ආදේශක ඒ සදහා පැමිණීම. ඒවායින් වන හානිය වඩා වැඩියි. ලංකාවේ මිනිස්සුන්ට විනෝදයක් කියලා තියෙන්නේ මේක විතරයි. මේ රටේ වෙන දෙයක් තියෙනවද? අඩුම තරමේ සැර අඩු බියර් වල මිලවත් දැනට වඩා අඩක් වත් අඩු කලයුතුයි.

:       0       3

sapumal Monday, 24 April 2017 04:56 PM

භාන්ඩ හො සේවාවක මිල ඉහල ගිය විට ඉල්ලුම අඩුවේ. එම අඩුවෙන ඉල්ලුම නිසා ආදේශක භාන්ඩ ඉල්ලුම ඉහලට යයි.

:       0       0

pahan Monday, 24 April 2017 05:59 PM

මිනිස්සුන්ව මත් වතුරෙන් මුදවාගන්න ක්‍රමයක් යෝජනා කරන්න ඇමතිවරුන්ට හිතන්නේ නැද්ද ?ජපන්නු /කොරියන් ය මහන්සි වෙලා වැඩකරන හැටියට අරක්කු නාන්න ඕනේ .එහ ඒ මිනිස්සු එහෙම බොන්නේ නැහැ .

:       0       3

mahee Monday, 24 April 2017 06:38 PM

සදාචාරය, බෞද්ධ ප්‍රතිපත්ති, රජයේ ආදායම, ජනතාව කසිප්පු බීමෙන් ගලවා ගැනීම, එසේ නොකලොත් ඇතිවන රජයේ සෞඛ්‍ය සේවා වියදම, සහ ජනතාවට අඩුමිලට මත්පැනක් ලබාදීම ආදී සියල්ල තුලනාත්මකව බලල ගත යුතු තීරණයක්. හැබැයි, ප්‍රායෝගික නොවේ නම් සුචරිතවාදීන්ගේ හෝ දේශපාලනඥයින්ගේ විසඳුම්වලින් වැඩක් නැහැ. ඇමතිවරයාගේ මේ යෝජනාව දැනට තිබෙන හොඳම ප්‍රායෝගික යෝජනාව කියලයි මං හිතන්නේ.

:       21       0

SL Monday, 24 April 2017 07:15 PM

ළඟ එන වෙසක් තෙමගුල සැමරීමට ඉතාමත් කාලොචිට යෝජනාවක්. මල්වතු මහා නායකගෙන් අදහස් විමසලා බලන්නකෝ? හොදයි කියයි!

:       0       0

siriya Monday, 24 April 2017 09:24 PM

හොද අදහසක්,යහපාලනයේ සමහරෙක් ගල් කාරයොනේ.

:       0       0

නුමා Monday, 24 April 2017 09:48 PM

ලංකාවේ මත්පැන් පානය කිරීම උවමනාවට වඩා පාලනය කිරීමට යාම පළමු වැරැද්ද. සමාජයෙන් එන අනවශ්‍ය බලපෑම නිසා තමා බේබදු ඝණයට වැටෙන්නන් වැඩි වෙන්නේ. සමාජයට වහන් වී ලද අවස්ථාවෙන් පුළුවන් තරම් බීමත් වීම තමා ලංකාවේ සංස්ක්ෘතිය. මෙම ඇමති ගැන පැහැදීමක් නැති වුවත්, ප්‍රකාශය නිවැරදියි. මත්පැන් ඕනෑම සමාජයක විවිධ ආකාර වලින් තිබෙන දෙයක්. අනවශ්‍ය ලෙස මිල ඉහල දමා පාලනය අසාර්ථක බව සැබෑය. එයින් වන්නේ හොර මත්පැන් පානයට ඇබ්බැහී වීම වැඩිවීම පමණයි. අප තවමත් සිතන්නේ රූපාවාහිනියේ පෙන්වන ආකාරයට සියළුම මත්පැන් පානය කරන්නන්, බීමත්ව ගෙදර මිනිසුන්ට කරදර කරන බවකුයි. එය එසේ නොවන බව බොන ඇත්තෝ දනිති.

:       0       78

hewawitharana Monday, 24 April 2017 10:28 PM

ඉතා වැදගත් යෝජනාවක්

:       0       0

ලුම්බිණි Tuesday, 25 April 2017 02:00 AM

මම හිතනවා මිල අඩු කල යුත්තේ බියර් වගේ දේවල් කියල.

:       1       1

akila Tuesday, 25 April 2017 02:47 AM

ඕකට අපි විරුද්දයි , මොකද අපි බොන්නේ පොල් අරක්කු , එකත් අඩු කරන්න ඕනේ නැත්නම් අපි උද්ගෝෂණය කරනවා

:       1       0

roshan Tuesday, 25 April 2017 03:00 AM

මෙතන අරක්කු වලට හිතවාදීව අදහස් දාන අයගෙන් මම අහන්න කැමතියි තමන්ගේ ළමයෙක් බේබද්දෙක් වෙනවට කැමතිද කියල. අපිට බොන මිනිස්සු එක්ක ඉරිසියාවක් නෑ. හැබැයි අපේ අනාගත පරපුර බේර ගන්න ඕනේ. අරක්කු මිල අඩු වෙනවා කියන්නේ එක කරන්න අමාරු වෙන එක.

:       1       36

Nishan Tuesday, 25 April 2017 03:30 AM

මීට වැඩිය හොඳ නැද්ද බියර් මිල අඩු කලා නම්

:       0       0

mangala welarathna Tuesday, 25 April 2017 04:34 AM

ගල් අරක්කු මිල අඩු කිරීම නොකරන්න කසිප්පු නිෂ්පාදනයට උපරිම බාධා කරන්න මිල අඩු කරනවා කියන්නේ අරක්කු බොන්නට කරන ලොකු උදව්වක්

:       0       6

lakmal Tuesday, 25 April 2017 04:39 AM

මුස්ලිම් රටවල අරක්කු තහනම්. මිනිස්සු සතුටින් පවුල් ජීවිත ගෙවනවා. එක අතකට එහෙම වෙන එකත් හොදයි......

:       0       0

mahendra fernando Tuesday, 25 April 2017 10:05 AM

හොඳ යෝජනාවක්.. සල්ලි තියෙන අයට වෙන ජාති බොන්න කියල සාමාන්‍ය අයට ගල් අරක්කු අඩුකරන එක හොදයි

:       0       8

සන්ජේ ද සිල්වා Wednesday, 26 April 2017 07:15 AM

ඉතා හොඳ යෝජනාවක්, සාමාන්‍ය මිනිස්සු අතරේ ඉන්න කෙනෙකුට විතරයි මේ වගේ දෙයක් පේන්නේ. සල්ලි කාරයෝ කීය උනත් තමන් සහ ඇසුරුකරන අයව සතුටු කරන්න මත්පැන් සඳහා ඕනෑම මුදලක් වියදම් කරද්දී සාමාන්‍ය දුප්පත් මිනිසුන්ට ඒ හැකියාව නෑ. ඔවුන්ට පිහිටට තියෙන්නේ ගල් අරක්කු තමයි. එකත් මිල වැඩි නිසා පසුගිය උත්සව සමයේ මහත් අපහසුතාවයට පත් උනා.( හැම කෙනාටම කසිප්පු හයාගෙන යන්න බැහැ) මිල වැඩි කරන්න ඕනේ නෑ. සියලු මත්පැන් ලංකාව තුල තහනම් කරන්න. එතකොට දුප්පත් පෝසත් බේදයකින් තොරව කොත්තමල්ලි ටිකක් බීලා කට්ටිය විනෝද වෙයි. හැම අසාධාරණයම වෙන්නේ දුප්පත් මිනිහට. මත්පැන් දුම්වැටි මිල වැඩි කිරීම ගැලරියට දෙන උත්තේජනයක් විතරයි. දේශපාලන වාසි ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 2453 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3358 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5655 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4683 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site