lankadeepa.lk

රංජන්ට මන්ත්‍රී අසුන අහිමිවන ලකුණු

2021 ජනවාරි මස 18 ප.ව. 10:36

21     7354

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඬුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.‍


lankadeepa.lk

බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතියේ

2021 ජනවාරි මස 18 ප.ව. 04:42

0     3396

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා පැවසීය.


lankadeepa.lk

රන්ජන් පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි

2021 ජනවාරි මස 18 ප.ව. 01:54

10     9282

වසර හතරක බරපතළ සිර දඩුවම් ලැබ සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් අද(18) ඉල්ලීමක් කළේය.


lankadeepa.lk

කලා-බළලු වැව් ඉස්මත්තේ රජයේ රක්ෂිත ඩෝසර් කරලා

2021 ජනවාරි මස 18 පෙ.ව. 08:53

15     3819

ධාතුසේන රජතුමා විසින් අතීතයේ කළ බව කියන කලා සහ බළලු වැව ආසන්නයේ රජයේ රක්ෂිතයේ ඇති මහ ගස් කොළන් කපා ඩෝසර් කර එළිපෙහෙළි කිරීමේ ක්‍රියාවලිය මේ දිනවල සිදුවෙමින් පවතින බව ප්‍රදේශය බාර වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.


lankadeepa.lk

පාර්ලිමේන්තුවේ 9 දෙනකුට කොරෝනා

2021 ජනවාරි මස 17 ප.ව. 06:32

3     3794

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් කාර්යාංශවලට අයත් පුද්ගලයින් පස් දෙනකු ද, ආරක්ෂක අංශයේ එක් අයෙකු මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ අනියුක්ත තිදෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.


lankadeepa.lk

හොරණ ඇගලුම් කම්හල් තුනක් වහයි

2021 ජනවාරි මස 17 ප.ව. 03:45

0     2624

හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා පහක සිදුකළ අහඹු පි සි ආර් පරීක්ෂණවලින් පුද්ගලයන් 19 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් පසුව කර්මාන්ත ශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල් පි එල් ප්‍රියන්ත මහතා පැවසීය .


lankadeepa.lk

බොරැල්ලේ නිවාස සංකීර්ණයකින් කෝටි 2ක හෙරොයින් සොයාගනී

2021 ජනවාරි මස 17 පෙ.ව. 08:35

0     1809

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 2කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු හා මුදල් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.


lankadeepa.lk

මුදල් - රන් භාණ්ඩ මංකොල්ලය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 05ක්

2021 ජනවාරි මස 16 ප.ව. 05:36

1     2400

ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී රුපියල් කෝටි 4 ක පමණ රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව පොලීසිය පවසයි.


lankadeepa.lk

මුදල් හා රන් භාණ්ඩ කොල්ලයක්

2021 ජනවාරි මස 16 පෙ.ව. 10:06

1     3069

ගම්පහ නගරයේ මූල්‍ය ආයතනයකට ඊයේ (15) සවස ගිනිඅවි රැගෙන කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනෙක් රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.


lankadeepa.lk

මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6ක් රූපලාන්‍යාගාරයකදී සිහිසුන්වී රෝහලේ

2021 ජනවාරි මස 15 ප.ව. 04:23

4     16780

මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයකදී ආසාත්මිකතාවක් හේතුවෙන් මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6දෙනෙකු රෝහල් ගතකර ඇතැයි මිරිගම පොලිසිය කියයි.


lankadeepa.lk

එංගලන්ත ක්‍රීඩකයන් සිටින හෝටලේ දෙදෙනකුට කොරෝනා

2021 ජනවාරි මස 15 ප.ව. 12:32

3     4966

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින ගාල්ලේ තරු පහේ සංචාරක හෝටලයක මුළුතැන්ගෙයි අරක්කැමියන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද (15) තහවුරු වූ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යබෙර්ට්‍රම් ද සිල්වා මහතා පැවසීය.


lankadeepa.lk

කෝටි 18ක ’අයිස්’ බස් රථයකින් ගෙනයද්දී අල්ලයි

2021 ජනවාරි මස 15 පෙ.ව. 08:39

3     3712

රුපියල් කෝටි 18 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.


lankadeepa.lk

ජනපති කොරෝනා එන්නත චීනෙන් ඉල්ලයි

2021 ජනවාරි මස 14 ප.ව. 04:51

39     8621

කොරෝනා මර්දනය සදහා වන චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.


lankadeepa.lk

පොලිසිය මාස 10 ක ඉවසීමක් පවුරෙන් පහළට තල්ලූ කරයි

2021 ජනවාරි මස 14 ප.ව. 01:39

17     27097

ගාල්ලේ කොටු පවුර මත සිටිමින් ශී‍්‍ර ලංකා - එංගලන්ත කි‍්‍රකට් තරගය නරඹමින් සිටි එංගලන්ත ජාතිකයකු වන රොබට් ලූවිස් මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය පියවර ගෙන ඇත.


lankadeepa.lk

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය වහයි

2021 ජනවාරි මස 14 පෙ.ව. 11:03

2     3225

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකු මෙන්ම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාද වන නීතිඥ චමින්ද කුලරත්න මහතාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් ඊයේ (13) සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබීය.


lankadeepa.lk

පාර්ලිමේන්තුවේ පීසීආර් පරීක්ෂණ 400ක්

2021 ජනවාරි මස 13 ප.ව. 04:02

6     1827

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 400කට අධික පිරිසක් සඳහා පීසීආර් පරීක්ෂණ අද(13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරිණි.


lankadeepa.lk

පිල්ලෙයාන් නිදහස්

2021 ජනවාරි මස 13 පෙ.ව. 10:20

27     6065

ඇප මත නිදහස් කර සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය.


lankadeepa.lk

රංජන්ට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

2021 ජනවාරි මස 12 පෙ.ව. 11:01

90     26480

අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.


lankadeepa.lk

යුක්රේන සංචාරකයෝ දළඳා වඳින්න යති

2021 ජනවාරි මස 11 ප.ව. 07:33

5     6627

සංචාරකයින් ගෙන්වා ගැනීමේ අරමුණින් රජයේ නියමු ව්‍යාප්තිය යටතේ ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (11) මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ සංචාරයක නිරත වූහ.


lankadeepa.lk

වාසුදේවටත් කොරෝනා

2021 ජනවාරි මස 11 පෙ.ව. 10:40

52     9424

ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.


lankadeepa.lk

යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න තීරණය කර නෑ

2021 ජනවාරි මස 10 ප.ව. 05:58

17     3535

යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවසීය.


lankadeepa.lk

පාර්ලිමේන්තුව හකීම්ගේ සමීපතමයන් සොයයි

2021 ජනවාරි මස 10 ප.ව. 12:43

5     3795

කොරෝනා වයිරසය ආසාදනය වී සිටින, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ආශ්‍රය කළ සමීපතමයන් සෙවීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන විශ්ලේෂණය කරමින් සිටිති.


lankadeepa.lk

රවූෆ් හකීම්ටත් කොරෝනා

2021 ජනවාරි මස 10 පෙ.ව. 10:54

5     2604

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකිම් මහතාට කොවිඩි -19 වයිරසය ආසාදනය වී ඇතැයි පැවසේ.


lankadeepa.lk

ගාල්ලේ වෛද්‍යවරු 12වැනිදා වර්ජනයකට සැරසෙති

2021 ජනවාරි මස 10 පෙ.ව. 08:57

2     4644

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12වැනිදා සිට රාජකාරී කටයුතුවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබේ.


lankadeepa.lk

දයාසිරිගේ හෙට්ටිපොළ කාර්යාලයට සම්බන්ධ 75 ක් නිරෝධායනයට

2021 ජනවාරි මස 09 ප.ව. 08:08

3     3467

කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන බතික්, අත්යන්ත්‍ර, රෙදිපිළි, දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සමීප ආශ්‍රිතයන් ලෙස ස්වාමීන් වහන්සේලා 05 නමක් ඇතුලුව හෙට්ටිපොළ කාර්යාල මහජන දිනයට සහභාගි වූ හා ආශ්‍රිතයන් ලෙස 75දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.


lankadeepa.lk

අවන්තිදේවි ළමා නිවාසයේ නිලධාරීන් ඉවතට

2021 ජනවාරි මස 09 ප.ව. 01:16

10     11115

උතුරු මැද පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවි ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන අපචාර හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා පරිවාස කොමසාරිස් උපාලි රාජපක්ෂ මහතා ඇතුළු එම කාර්යාලයේ පරිවාස නිලධාරින්, පරිපාලන නිලධාරින් වහාම ස්ථාන මාරකර යවන ලෙසට අද (09) උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් නියම කළේය.


lankadeepa.lk

බස්රථයක් පෙරළීමෙන් 22කට තුවාල

2021 ජනවාරි මස 09 පෙ.ව. 11:37

1     2113

පොලොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් අද (09) පුලස්තිගම කෑගලුගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ඇලකට පෙරලී යාම නිසා සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් 22දෙනෙකු තුවාල ලබා ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.


lankadeepa.lk

ගම්පහදී කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

2021 ජනවාරි මස 08 ප.ව. 05:09

4     4478

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනකදී, ලේ පරිත්‍යාග කළ කිහිපදෙනෙකුම කොවිඩ් -19 වයිරසය ආසාදිතයින් බවට තහවුරුවී තිබේ.


lankadeepa.lk

දයාසිරි ජයසේකරට කොරෝනා

2021 ජනවාරි මස 08 පෙ.ව. 11:38

11     8863

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.


lankadeepa.lk

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය වසාදමයි

2021 ජනවාරි මස 08 පෙ.ව. 11:35

0     1184

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පුද්ගලයකු කොවිඩ් -19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් කොමිසම වසා දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා අද(80 පාර්ලිමේන්තුවේදී පැවසීය.