IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සජිත්ට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය

( අංජුල මහික වීරරත්න )

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (26) ඒකමතිකව තීරණය කළේය.

ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම දෙනාගේ ඒකමතික අනුමැතිය යටතේ එම යෝජනාව සම්මත කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කෙරුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකවරයා නම් කිරීම සඳහාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස යෝජනා කිරීමත් සමඟ ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුර්ණ අනුමැතිය පළවූ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම සාමාජිකයන් අත්පොළසන් දෙමින් එම යෝජනාව අනුමත කළ බව ක්‍රීඩා සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මුලික ප්‍රතිපත්ති අනුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ වලද සහයෝගය ඉදිරි ජනාධිපතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කරා ගෙන යා යුතු බව පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමත් සමඟ සිරිකොත අවට රැස් වී සිටි පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් හඬ නගනු දැකගත හැකි විය.

(ඡායාරූල - ලහිරු හර්ෂණ)

 



අදහස් (86)

සජිත්ට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය

suren Thursday, 26 September 2019 10:56 AM

පාක්ෂිකයෝ දෙකට බෙදීම ගැන ඔබතුමා කවදාහරි කණගාටු වේවි...

:       2       0

Buddika Thursday, 26 September 2019 10:56 AM

සුබපැතුම්..!!! වසර 25කට පස්සේ වුණ ජනාධිපතිවරයා ලෙස ඔබව පත්වීම ස්ථිරයි. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අයගෙන් වංචා, චෝ්දනා නැත්තේ සජිත් සහ අනුර දිසානායකට විතරයි.

:       0       2

Nishantha Thursday, 26 September 2019 10:57 AM

ජයවේවා ..!!! අපේ දුප්පතුන්ගේ හිතවතාට...

:       5       13

sadana Thursday, 26 September 2019 11:03 AM

මේ සිදුවීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුව රටට කර ඇති විනාශයයි. මෙච්චර කලක් අගමැති ගහපු කයිවාරු කතා ඔක්කොම බොරුබව තමන්ට අපේක්ෂකකමත් නැතිවීමෙන් පැහැදිලි වේ..

:       1       3

jagat Thursday, 26 September 2019 11:03 AM

හා මෙයා ජනදිපතිවෙලත් ඉවරයි "සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කෙරිණි." දැන් ජනපති සජිත්ද?

:       1       0

Dr. Vajira Fernando Thursday, 26 September 2019 11:04 AM

සජිත්, ගෝඨා දෙන්නටම ඡන්දය දෙන්නේ එයාලගේ අන්ධ භක්තික පාක්ෂිකයන් විතරයි. හිතලා, මතලා කල්පනාකාරී විදිහට ඡන්දය දෙන බහුතරයක් උගත්, බුද්ධිමත්, මැදිහත් චන්ද දායකයින් ආකර්ෂණය කරගන්න මේ දෙන්නාටම බැහැ. ඒ අය මේ වතාවේ විකල්පයක් ගැන හිතනවා. දුෂණ, වංචා චෝදනා නැති රට ගොඩනගන වැඩපිළිවෙලක් ඇති එකම අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක දිනවීමට ඔවුන් දැනටමත් තීරණය කර අවසන්...

:       0       2

Thilina Thursday, 26 September 2019 11:05 AM

පැහැදිලියි නේද මේක තනිකරම නාට්‍යයක් කියලා. කට්ටියට දැන් මතකද මාස 5 කට කළින් බෝම්බ පිපුරුණු බව. පහුගිය අවුරුදු 4 තිස්සේ රටට කරපු විනාශය . ක්‍රමාණුකූලව සියල්ල අමතක කරන්න රනිල් සජිත් කරු ගැටුම ඉස්සරහට දැම්මා . ඔය මොනවා කලත් මේ පාර පරදිනවා.බහුතර සිංහල ජන්ද වලින් මේ පාර පරදිනවා මහ ජාතියට කරපු කෙනෙහිලිකම්වලට.

:       41053       28562

sarathThursday, 26 September 2019 11:49 AM

ආණ්ඩුව දැන්ම හොර ඡන්ද පටන් අරන් වගේ...

:       2       0

pjSunday, 29 September 2019 12:35 AM

එහෙම තමයි පෙන්වන්න උත්සාහ ගන්නේ... එහෙත් තත්පරයක් ඇතුළත අමනාපය 38000 සිට 41000 දක්වා එකවරම වැඩිවෙනවා. අපි හොඳින් නිරීක්ෂණය කළා. එහෙම කරන්න පුළුවන් මෙම ප්‍රෝග්‍රෑම් එක ඇතුළට එන්න පාස්වර්ඩ් එක දන්න අයෙකුට පමණයි.

:       0       0

athuraThursday, 26 September 2019 12:17 PM

බෝම්බ පිපුරුණ එක අමතක වුනේ ගෝඨා ජනාධිපති අපේක්ෂක කරපු දවසේනේ.

:       441       3659

senaThursday, 26 September 2019 12:31 PM

ගෙවල් කීපයක් හදනවා ඇරෙන්න සජිත් මොනාද මේ රටට කරලා තියෙන්නේ ?

:       2691       3063

AmilaThursday, 26 September 2019 01:17 PM

ඇමරිකන්කාරයා පරදින නිසා හිතේ දුකට ඔහොම කියවෙනවා.

:       1906       1644

somaFriday, 27 September 2019 02:57 AM

ඒ ඇමරිකන්කාරයට එ.ජා.ප ආණ්ඩුවෙන් දීපු හමුදාවේ ඉහළම සම්මාන තියෙනවා. එත් ඔබට ?

:       1       3

ගල්කටස් Thursday, 26 September 2019 02:08 PM

බලමු සිංහලයාගෙ හද ගැස්මෙ තරම 16 වෙනිදාට අපි රට (සිංගප්පූරුව)ඉදන් ඡන්දය දාාන්නම එනවා මේ පාර අපේ ඡන්දය ගොඨාභයටයි. කවුරු අාවත් අපි මෙවර දෙන්නෙ කේසර සිංහයාටයි.

:       4687       1342

AmilaThursday, 26 September 2019 05:48 PM

හාමුදුරුවන්ට කොන්ද නමලා දණ ගහලා වඳින්න බැරි කෙනා කොහේද සිංහයෙක් වෙන්නේ? අනික නඩුවලට බයේ හැන්ගෙන අය සිංහයෝ නෙමේනේ යාලුවා.. අනික පවුල සහ ළමයි ඇමරිකවේ පුරවැසියෝ. පැරශූට්කාරයන් ඉස්සරත් හිටියා.. !

:       0       17

sudelmiFriday, 27 September 2019 12:51 AM

ඇමෙරිකන් කාරයෙකුට වඩා ශ්‍රී ලාංකිකයෙකුට ඡන්දය දෙන එක මට හිතෙන්නේ හරි...

:       3       25

MaheeFriday, 27 September 2019 01:33 AM

ගල්කටස් උන්නැහේ, සිංහලයාගේ හදගැස්ම? ඔහේ හිතන්නේ සිංහලයෝ ඔක්කොම ඔහේ වහේ වහල්ලු කියලද? නෑ නෑ මධ්‍යස්තව හිතන්න පුළුවන් සිංහලයෝ මේ රටේ තවම ඉන්නවා. අපේ හදගැස්ම රට ගැන හිතලා ගැහෙන හදගැස්මක් මිසක් අපිව රවට්ටන්න එන එක එක පාට හොර තක්කඩින් වෙනුවෙන් ගැහෙන එකක් එහෙම නොවෙයි.

:       22       15

lalithmFriday, 27 September 2019 02:47 AM

ඔච්චර රට ගැන කැක්කුමක් තියෙනවා නම් සිංගප්පුරුවේ ඉඳන් සැප හොයන්නේ මොකද? ඇවිත් ගෝඨා වගේ රටට සේවය කරන්නකෝ අනේ.

:       10       24

athuraFriday, 27 September 2019 04:06 AM

දැන් වයසයිනේ...... කේසර හැලිලා සිංහයා විතරයි ඉන්නේ.

:       17       25

kuleThursday, 26 September 2019 05:36 PM

අද රටේ නායකයා විය යුත්තේ තොරොම්බල් කාරයෙක්ද? නැත්නම් පරිපාලනය ආර්ථිකය සහ රටේ ආරක්ෂාව ගැන මනා අවබෝධයක් ඇති කෙනෙක්ද?

:       1       1

anuraThursday, 26 September 2019 05:43 PM

මංගල මුදල් ඇමති වනවාට කැමති අය සජිත්ට ඡන්දය දෙන්න.

:       1       1

BamunuarachchiFriday, 27 September 2019 01:46 AM

දැනටම පොරොන්දුවෙලා ඉවරයි රට බෙදන්න. බලය බෙදනවා කියන්නේ රට බෙදනවා කියන එක. මෙයා ජනාධිපති උනොත් රටේ මිනිස්සු ගැන අපිට හිතා ගන්න පුලුවනි. මෙයාට වඩා කොන්ගෝවෙන් කෙනෙක් ජනාධිපතිකමට ගෙනාවානම් මීට වැඩිය හොඳයි.

:       0       0

nimalFriday, 27 September 2019 02:33 AM

රනිල් මැතිතුමා පස්සට තල්ලුකළා කියලා හිතන්න එපා. අපි එතුමා අගමැති කරලා බලය එතුමාට දෙනවා.

:       1       2

dilanthaFriday, 27 September 2019 02:47 AM

මේ මැතිවරණයේදී වඩාත්ම තීරණාත්මක සාධකය වන්නේ ජීවන බරයි. ගෑස් මිල, දුම්රිය ගාස්තු, බස් ගාස්තු, විදුලි බිල, වතුර බිල සහ අහාර මිල. විශේෂයෙන්ම තිරිඟු පිටි මිල, ඒ වගේම වියළි අාහාර සහ හාල් මිල. මේ සියල්ල ඉතා ඉක්මණින් අඩු කිරීමට බලයට පත්වන කුමන පාලකයෙකුට වුවද සිදුවනු ඇත. ඒ වගේම බෙහෙත් ද්‍රව්‍ය මිලත් ජනතාවට දරාගන්න අමාරුයි. ජනතාව මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ වෙනත් කිසිවක් නොවේ. දැවැන්ත මිල අඩු වීමේ සහනයක්. ඉන්ධනවලින් බදු 100% ඉවත්කළ යුතුයි.

:       0       2

ANURA Thursday, 26 September 2019 11:05 AM

සුබ පැතුම් !

:       11213       11206

Sanath KandyThursday, 26 September 2019 05:48 PM

මේ සියලුම අපේක්ෂකයන් අතුරින් වඩාත් උගත්, නිවැරදි වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරන, දූෂණ, වංචා, චෝදනා නැති, අත්දැකීම් ඇති සුදුස්සා ජාතික ජන බලවේගයේ අපේක්ෂක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නොවේද? මෙවර අපි නිවැරදි තෝරා ගැනීමක් කරමු.

:       1       1

max Thursday, 26 September 2019 11:05 AM

සුබ පැතුම්. දෙමළ ජාතික සන්ධාන, මුස්ලිම් කොන්ග්‍රසය, බතියුදීන්, චම්පික වැනි ජාතිවාදීන්ගේත්, රාජ්‍ය නොවන සංවිධාන පරපුටුවන්ගේත් සහ බටහිර තානාපති කාර්යාල න්‍යාය පත්‍ර අනුව වැඩ නොකිරීමටත්, ජයග්‍රහණ ලදොත් ඔබට ශක්තිය සහ මොළය ලැබේවා. උස නම් සිකිරුටි මිටි නම් කම්කරු වැනි සංකල්ප වලින් මිදීමටත් ඔබට ශක්තිය ලැබේවා.

:       708       1172

chandimaThursday, 26 September 2019 11:51 AM

ඒ කියන්නේ අර 225 නැතුව වෙනින් කට්ටියක් එනවද?

:       1       0

MaheeThursday, 26 September 2019 12:28 PM

හා හා කලබල වෙන්න එපා මැක්ස්. ඒ ගොල්ලන්ගේ පිහිට නැතුව කාටවත් රජවෙන්න බෑ. ඊට පස්සේ රජ්ජුරුවන්ට සිද්දවෙන්නේ මොකක්ද කියල අපිට දකින්න ලැබෙයි. අනික් පැත්තේ හාදයා ආවත් එච්චරම තමයි. අපේ රටේ වලිගය විසින් බල්ලා වනනු ලැබේ!

:       80       3115

BamunuarachchiFriday, 27 September 2019 06:10 AM

ඒ සිංහලයා සුළු ජාතින් ඉදිරියේ පහත් තත්වයකට වැටී තිබෙන නිසයි. නිවට සිංහලයින් මෙතැන කොපමණ ඉන්නවාද කියා පෙනෙනවා.

:       3       28

rimThursday, 26 September 2019 12:35 PM

අනේ මැක්ස් කවුරු කොහොම කිව්වත් සුළු ජාතීන්ගේ ඡන්දෙ නැතිව කිසිම ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ .එ් නිසා දන්නේ නැතුව කමෙන්ට් දාන්න හොඳ නැහැ. අපේ සජිත් මහත්මයාට ජයවේවා!

:       641       150

nethuFriday, 27 September 2019 02:32 AM

ඉන්දියාවට පුලුවන් නම් අපිට බැරිවෙන්න බැහැ.

:       1       14

lalithmFriday, 27 September 2019 02:49 AM

සුලු ජාතිකයොත් අපේ රටේ පුරවැසියෝ. ඔවුන් නැති ශ්‍රී ලංකාවක් පැවතිය නොහැක.

:       15       3

SARATH SILVA Thursday, 26 September 2019 11:09 AM

ජයවේවා! අභිනව ජනාධිපතිධුර අපේක්ෂකට උණසුම් සුභ පැතුම්!

:       1707       1129

sujith Thursday, 26 September 2019 11:09 AM

අනිවාර්යයෙන් පරදිනවා. ඒකේ දෙකක් නැහැ. පහුගිය අවුරුදු 4 ඇතුළේ සිංහල ජාතිය විනාශ වෙනකොට හාමුදුරුවෝ හිරේ දානකොට මෙයාලා කොහෙද හිටියේ? රටේ ප්‍රශ්නයක් ගැන වැදගත් අදහසක්වත් මෙයාලට තියෙනවද? ඊයේ මතුගම කරපු කතාව ඇහුවනම් යූ.එන්.පී අයත් ඡන්දේ දෙන්නේ නැහැ.තනිකරම තමන් ගැන පම්පෝරියක් ගැහුවේ.සහනාධාර දෙනවලු ඇති තරම්.එක වචනයක් කිව්වේ නැහැ ආදායම් උපයන්නේ කොහොමද කියලා.ඉන්න කෙනා හොඳයි කියලා තේරෙන්නේ මෙයා කරුමෙකට හරි ජනාධිපති වුනොත් තමයි.

:       1665       2724

LionThursday, 26 September 2019 01:07 PM

හිරේ දැම්මේ හාමුදුරුවරුද? එහෙම නැත්තම් සිවුරු දාගෙන තක්කඩිකම් කරන අයවද?

:       1368       1168

රවින් Thursday, 26 September 2019 11:10 AM

ඉක්මනට ගෙදර යන්න......

:       55       437

Perera Thursday, 26 September 2019 11:28 AM

සජිත් පරිණත මදි ජනාධිපතිකමට කියලයි මගේ හැඟීම. කරූ ටිකක් හරි හොඳයි කොන්ද පණ තිබ්බා නම්...

:       1       0

real lankan Thursday, 26 September 2019 11:30 AM

පැහැදිලියි නේද? මේක තනිකරම නාට්‍යයක් කියලා. කට්ටියට දැන් මතකද මාස 5කට කළින් බෝම්බ පිපුරුණු බව. පහුගිය අවුරුදු 4ක් තිස්සේ රටට කරපු විනාශය. ක්‍රමානුකූලව සියල්ල අමතක කරන්න රනිල්, සජිත්, කරු ගැටුම ඉස්සරහට දැම්මා. ඔය මොනවා කළත් මේ පාර පරදිනවා. බහුතර සිංහල ජන්දවලින් මේ පාර පරදිනවා. මහ ජාතියට කරපු කෙනෙහිලිකම්වලට.

:       1       0

ANURA Thursday, 26 September 2019 11:30 AM

''සතර වරම් දෙව් මහරජ සතර වටින් ඇවිදින්.. පිරිත් පැන් ඉසිති පුතුනේ... සජිත් සජිත් කියමින් ''

:       0       1

Raveendra Thursday, 26 September 2019 11:40 AM

මගේ හාමිනේ.. සොරි.. සොරි... සමාවෙන්න මගේ ආර්යාව... ආර්යාව හෙට ඉඳලා මීටිම්වල කතා කරනවා හොඳේ. ඔක්කොම එන්න ඕනේ ඈ..

:       1       2

ගිහාන් Thursday, 26 September 2019 11:44 AM

කවුරු මොනවා කිව්වත් මේ රටේ බහුතර දුප්පත් ජනතාව ප්‍රාර්ථනා කරන්නේ සජිත් වගේ මනුස්සයෙක්. මොකද ගෙයක් නැති කෙනා තමා ගෙයක් ලැබෙන එකේ වටිනාකම දන්නේ. ඇඟලුම් කම්හල්වල වැඩකරන්නෙත් දුප්පත් මිනිස්සු. රාජපක්ෂලා මිනිස්සුන්ට රස්සා ලැබෙන එක වැඩපිළිවෙලක් හැදුවේ නැහැ. අපේ සුබපැතුම්, ජය නියතයි.

:       10       1

rohana Thursday, 26 September 2019 11:45 AM

තිළිණ කියන්නේ පිළිලයක්.. මෙයා නැතුව අරයව පත්කර ගන්න කියලද කියන්නේ...?

:       0       1

වත්සලා Thursday, 26 September 2019 11:46 AM

කවුරු මොනව කිව්වත් යුද්දේ දිනුවට පස්සේ රාජපක්ෂලා කලේ රට ලෝකෙට ණය කරන වැඩ. මෙතුමා ජනතාවට වැඩ කළා. පහළ පාන්තිකයෝ පක්ෂ භේදයකින් තොරව මෙතුමාට ඡන්දෙ දෙනවා.

:       11       1

Hafeel Thursday, 26 September 2019 11:49 AM

කෝ රවී, ෆොන්සේකලා? මේ දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නැද්ද?

:       1       0

chandima Thursday, 26 September 2019 11:50 AM

පරණ හොරු ඔලුව මාරුකරගෙන එනවා. සූදානම් වන්න.

:       1       0

sirimal Thursday, 26 September 2019 11:55 AM

සජිත්ට අපේක්ෂත්වය ලබාගැනීමට කියන ඕනෑම කොන්දේසියකට එකඟවීමට අමාරු නැත. එසේවන්නේ ඒ කොන්දේසි ක්‍රියාත්මක කරනවාද? නැද්ද? යන්න තීරණය කෙරෙන්නේ ජයග්‍රහණයෙන් පසුව වෙන නිසාය. සජිත්ට කිසිදාක දෙමළ ජාතික සන්ධානයේ සහය ලැබෙන්නේ නැත. ගෝඨාභයට ඇති ඡන්ද පදනම සුළුකොට තැකීම මෝඩකමකි. හතර ගාතෙන් වැටී යනඑන මඟක් නැතුව සිටි එජාපය ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණයෙන් පසු යලි පණ ගසා නැගිට ගත්තේය. නමුත් රනිල් ඇතුළු කණ්ඩායම එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැත. එජාපයේ කරුමය එයයි. දැන් ජවිපෙ තනිව තරඟ වදින නිසාත් ප්‍රබල විකල්ප අපේක්ෂකයින් ඉදිරිපත්වන නිසාත් කාගේහෝ ජයග්‍රහණය තීන්දු වෙන්නේ ශ්‍රීලනිපයේ ඡන්ද සහ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද මතය. මේ නිසා දෙමළ සහ පාවෙන ඡන්ද නොලැබෙන නිසා සජිත්ට දැන් ඇති එකම පිහිට ශ්‍රීලනිපය පමණි. එහෙයින් සජිත් ඉදිරි දින කිහිපය තුළ ඔහු ජනපති සමඟ සන්ධානගත වීමටද බැරි නැත. මේ සියලු දෙනා එකතුව රනිල්ගේ දේශපාලන ගමන හමාර කර දැමීමට ගන්නා ලද මේ අලජ්ජී උත්සාහය තුලින් ඇත්තටම සිදු කරන්නේ එජාපය වැනි ඓතිහාසික පක්ෂයක් වලපල්ලට ඇදගෙන යාමයි. අහෝ ඛේදයකි.

:       1       0

සත්‍යපාල Thursday, 26 September 2019 12:13 PM

ඕක කලින් කරන්න තිබුනනේ.නිකම් පිස්සු කෙලින්නේ නැතුව.

:       11       90

සනත් Thursday, 26 September 2019 12:52 PM

ජනතාවගේ අනුමැතිය ගන්න එක තමා අවුල.

:       50       776

Sudubanda Thursday, 26 September 2019 01:05 PM

ගෝඨා ආවත් සජිත් ආවත් රටට වැඩක් නෑ.මම ඔය දෙගොල්ලන්ටම වැඩ කළා.මේ පාර මම ජාතික බලවේගයට.

:       538       5370

Shan Thursday, 26 September 2019 01:09 PM

මෙතුමට අවස්ථාවක් නෑ. යූ.ඇන්.පී. ආණ්ඩුවක් තව අවුරුදු විස්සකින් තමයි.

:       44       421

සමන්ත Thursday, 26 September 2019 01:09 PM

අතීතය අමතක කළත් පක්ෂයේ එක අරගලයක හෝ නොසිටි සිරිකොතට ගල් ගැසූ මිනිහෙකු ජනාධිපති අපේක්ෂයා කිරීමට සිදුවීම හාස්‍යයක් වුවත් පක්ෂයේ තීරණට සියලු දෙනා හිස නැමිය යුතුයි. ඔහු තවත් සිරිසේන කෙනෙකු විය හැකිය. සියලු පොරොන්දු සහ ගං මට්ටමේ, බිං මට්ටමේ, සිට ළිං මට්ටම දක්වා අමතක කර ලිඳටම දැමිය හැකිය. එහෙත් ඒකාධිපති, ජනඝාතක, ජනපිඩක , අශිෂ්ඨ , කෘර , ජාතිවාදී මිලිටරි පාලනයකට යනවාට වඩා සජිත් වැනි අයෙකු වුවද හොඳය.එසේම අහෝසි කළ යුතු ජනාධිපති තනතුරකට කවුරු පත්ව ආවද එය නොවටින්නේය.ඒ නිසාම අපගේ සංවර්ධන ඉලක්ක කරා යා හැකි වන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ පසු පමණක්මය.

:       648       629

suddaFriday, 27 September 2019 12:00 AM

සිරිකොතට ගල්ගැසූ කෙනා ජේතවනාරාමයටද ගල් ගසාවි. පෙළපාලි ගිය අය මෙයා දිනුවම හෙල්මට් දාගනියි. 89 මතක් කරගන්න.

:       1       1

Sumith Thursday, 26 September 2019 01:14 PM

කොළපාට ජනතාවට එපාවෙලා ගොඩක් කල්....

:       1365       1335

Lakmal Thursday, 26 September 2019 01:16 PM

වැඩිපුරම කමෙන්ට්ස් එන පෝස්ට් එක.

:       1       162

Guneris Thursday, 26 September 2019 01:20 PM

කාටද කියන්න පුළුවන් මේක අහලා වැඩියෙන්ම සන්තෝස වෙන්න ඇත්තේ කවුද කියලා? දැන් ඉතින් තව ටිකක් විශ්වාසෙන් එයාට කියන්න පුළුවන් "රැජින මමයි අපේ රාජ්ජේ" කියල.

:       9       251

Amila Thursday, 26 September 2019 01:20 PM

නියත වශයෙන්ම දිනන්නේ මෙතුමාය.පවුල් පෙරමුණ ඉවරෙටම ඉවරයි.

:       1082       837

chandimaThursday, 26 September 2019 07:25 PM

එතකොට ආර්යාව අල්ලපු ගෙදරද ඉන්නේ?

:       1       0

sudath Thursday, 26 September 2019 01:26 PM

මෙතුමාගේ දැන් කියන කතා ඇහුවම තියෙන යු.එන්.පිී ඡන්දත් නැති වේවි. එපමණටම බොළඳ නිසරු කතා හා වැඩ තමයි අහන්න දකින්න ලැබෙන්නේ. මෙයා අවොත් රටට අබසරණයි.

:       1111       1251

Cps Thursday, 26 September 2019 02:01 PM

සජිත් දිනනවා.....

:       1307       1215

කෝ දහනායකFriday, 27 September 2019 12:15 AM

දිනන්න නම් හැකිවේවි... නමුත් ආර්යාව ඇඳලා තියෙන කළු ඇඳුමින් කියන්නේ රට අඳුරට යනවා කියලයි.

:       2       2

MaheeFriday, 27 September 2019 01:38 AM

ඔව්, එක්කෝ සජිත් දිනනවා. නැත්නම් ගෝඨා දිනනවා. එහෙමත් නැත්නම් අනුර දිනනවා. හැබැයි දිනන්නේ ඒ ගොල්ල තමයි. අපි පරාදයි. අපි පරාද වෙන බව තේරෙන්නෙත් ටික දෙනාටයි. රටේ අවාසනාව ඒකයි.

:       0       3

mahanel Thursday, 26 September 2019 02:30 PM

එන්න හිටපු දෙන්නා රටට කළ විනාශය බැලුවම සජිත්ගේ අපේක්ෂකත්වය පිළිගන්න පුළුවන්. එත් ඉතින් එ්දණ්ඩේ යන සජිත් ගැන කුමන කතාද?

:       0       2

Jayantha Thursday, 26 September 2019 02:32 PM

තවත් අවුරුදු 5ක්!!! මරු තමයි...

:       1       0

upali Thursday, 26 September 2019 03:00 PM

සජිත් පරදින්නේ..., දිනුවොත් අගමැතිකම රනිල්ට දෙන්න වෙන හින්දයි..

:       1       0

යාපා Thursday, 26 September 2019 03:25 PM

වීව්ස් 5000යි. සජිත්ට පක්ශව ලයික් 38000. අනුවණ උස නම් සිකුරිටි.. මිටි නම් කම්කරු කියන විද්‍යානුකූල ක්‍රමවේදයට රැකියා ගන්න සුදුසු කිහිපදෙනෙක් සහා මෙයා වටේ ඉන්න අයගේ මානසිකත්වය තේරුම් ගැනීමට තවත් අටුවා ටීකා අනවශ්‍යය. ගෝලයන් ගැන කුමන කතාද?

:       1       0

chandima Thursday, 26 September 2019 04:03 PM

අම්මට සිරි ගජ....

:       1       0

chandima Thursday, 26 September 2019 04:05 PM

සජිත් නම් ජනපතිකම නොලැබුණොත් කියලා නූල් බැඳගන්නවා. එ්ත් රනිල්...? විධායක අගමැතිකම නොලැබෙයි කියලද?

:       1       0

chandima Thursday, 26 September 2019 04:12 PM

හරියට ඇමෙරිකන් රෙස්ලින් ෆයිට් එකක් බැලුවා වගේ. යාලුවෝ දෙන්නෙක් කතාවෙලා ඇවිත් බිම පොළොවේ ගහලා ගුටි ඇනගෙන කලින් පොරොන්දු වුනු විදියට එකෙක් පැරදිලා යනවා. මිනිස්සු දහස් ගණන් සල්ලි ගෙවලා ඇවිත් හුරේ දාලා ඔට්ටු අල්ලලා ලක්ෂ ගණන් සල්ලි දිනලා පැරදිලා යනවා. සමහරු නට්ටන් වෙලාම යනවා. යාලුවන් දෙන්නා රට එකට ගිහින් ලැබුණු සල්ලි බෙදාගන්නවා. පසුවදාට ආයෙත් ෆයිට් කරනවා. බලන්න මේ ෆයිට් එකට මොනතරම් ගැලපෙනවද කියලා..

:       0       1

lakmal Thursday, 26 September 2019 04:38 PM

රට ගොඩනංවන්න පුළුවන් බවක් නම් පේන්නේ නැහැ.. 1980 -1990 කාලයට ගැලපෙන ප්‍රතිපත්ති තියෙන්නේ..

:       1       0

asanka Thursday, 26 September 2019 06:18 PM

අවුරුදු ගණනාවක් අපේ පවුල් වල සියලුදෙනා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නේ නැහැ. ඒ කළකිරීම නිසා ඔබතුමාව අපි සාදරයෙන් පිළිගන්නවා.. නියත වශයෙන්ම ඔබ ජය ගන්නවා.

:       0       2

nirpakshika Thursday, 26 September 2019 06:49 PM

මේ මෝඩ වහල්ලු කඩේ යනවා. එහෙම නැත්නම් සල්ලි දාලා කමෙන්ට් දාගන්නවා.. මේ පාරවත් හරියට හිතලා මේ වගේ නැතුව නියම සිංහල ජාතියට ආදරේ කරන නායකයෙක් පත් කරගත්තොත් රට ගොඩ...!!! මේ අවසාන අවස්ථාව මුළු ජාතියේම... රට, ජාතිය ගැන හිතපල්ලා..!!!

:       1       0

nihal Thursday, 26 September 2019 08:22 PM

දිනුවට පස්සේ සූත්තරයව ලංකර ගත්තොත්... සිරිසේනට වූදේ.. සජිත්ටද වන්නේය.

:       0       1

Appuhami Thursday, 26 September 2019 08:33 PM

පරදින්න, කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතියත් ඕනෑද? 88/89 ආයෙත් එන්නේ නැහැ.

:       1       1

lion Friday, 27 September 2019 12:39 AM

ඔබට එක අවවාදයක් දෙන්න කැමතියි, කරුණාකර ඔබගේ නායකයා බොරු ගිවිසුමක් පෙන්වා, පාවාදුන් තිස්සව ඔබගේ මැතිවරණ ව්‍යාපාරයට ගාව ගන්න එපා. ඔබට ලැබෙන ඡන්ද අඩුවෙයි. ඇමතිකමක් ගන්න තමයි නායකයා බොරුවට පවා දුන්නේ.. ඒ නිසා කිට්ටු කර ගන්න එපා.

:       1       0

gunarathna Friday, 27 September 2019 01:49 AM

ඇත්තටම මට රනිල් ගෙන දුකක් තියෙන්නේ.මේකට සුදුසුම පුද්ගලයා රනිල්.මේ රටට අවශ්‍ය රනිල් ,මහින්ද,ගෝඨා වගේ කෙලින් තීරණ ගන්න පුළුවන් පුද්ගලයෝ. හැමෝම හිතාගෙන ඉන්නේ සජිත්ට කියල ඕනෙම දෙයක් කරගන්න පුළුවන් කියල.ගෙන හිතුවෙත් නමුත් ඔය පුටුවට ආවට පස්සේ මොලේ කුරුවල් වෙනවා.රනිල්ට අගමැති කමත් පක්ෂ නායකවත් දෙකම නැති වෙනවා.සජිත් අනිවාර්යෙන් පරදිනවා.රනිල් ආවනම් ගෝඨට යන එනමං නැති වෙනවා.දැන් බුද්ධිමත් මිනිස්සු මේ අපේක්ෂකයෝ දෙන්න ගැන සංසන්දනාත්මකව බැලුවොත් මනිස්සුන්ට ඡන්දේ දෙන්න හිතෙන්නේ ගෝඨට.හේතුව ගෝඨා රටට කරලා තියෙන දේවල් වලින් දශමයක්වත් සජිත් කරලා නැහැ.රනිල් රට වෙනුවෙන් කරලා තියෙන දේවල් බැලුවොත් සජිත් බින්දුව තමා.

:       0       0

Bandara Friday, 27 September 2019 02:01 AM

දෙගොල්ලන්ගේම වැරදි තියෙනවා. සජිතුයි, ගෝඨයි දෙන්නා ගැන බලද්දී මම නම් ගෝඨාභයට කැමැතියි. අඩු තරමින් මගේ ළමයිවත් බෝම්බයකට අහුනොවී සිටියි.

:       1       20

PA - RA Friday, 27 September 2019 02:11 AM

අපි ඉවරයි, රටත් ඉවරයි, හැංගෙන්න හරි යන්න හරි රටක් සොයා ගමු. මතකයි 88,..90

:       1       18

Anura Friday, 27 September 2019 02:44 AM

ගියපාර ලක්ස 62 , ජවිපය ලක්ෂ 6ක් අඩුකරලා, පාවෙන ඡන්ද ටිකත් අඩුකර බලන්න. දිනන්නේ මෙතුමාද? නැත්නම්, රාජපක්ෂද කියලා....

:       1       15

nalaka Friday, 27 September 2019 02:53 AM

අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල 60% කින්වත් අඩුවීමක් ඕනේ මහත්තයෝ. මේක ජනතාවට පැහැදිලිව පොරොන්දු වෙන්න. ඉන්දියාවේ අපිට වඩා 60% ක් විතර බඩු මිල අඩුයි. ඉන්දියානු රුපියලේ අගය ශක්තිමත් නිසා ඔවුන් දැන් තව තවත් බඩු මිල අඩු කරනවා .

:       0       15

දිලුම් Friday, 27 September 2019 03:38 AM

මෙයා ජනාධිපති අපේක්ෂක කරනකොට රනිල් දාපු කොන්දේසි ටිකත් බැලුවනම් හොදයි ඔය කමෙන්ට් දාන අය. රනිල්ට දිනන්න බැරි බව දන්න නිසා මෙයා මාර්ගෙන් රනිල් රජවෙන්න හදන්නේ. අනික මෙයා ජනපති වෙලා විධායක ජනපති ධූරය අහොසි කරන්න කියලා රනිල් කොන්දේසි දාන්නේ එවිට විධායකය නාමික නිසා බලවත් වන්නේ අගමැති නිසා.වෙනත් විදියකට කීවොත් එතකොට ආයෙත් රනිල් ජනපති උනා වගේ තමයි. අනික ඔක්කොම හදන්නේ අපේ අහිංසක මිනිසුන් සහනාධාර මානසිකත්වයේ තියල ජන්ද උපයන්න. එකෙක්වත් අලුත් විදියට හිතලා මේ රටට ආදායමක් උත්පාදනය කරන්න වැඩපිලිවෙලක් කියනවනම් මම ඔහුට දෙනවා මගේ ඡන්දේ. අපි දැන්වත් පිනට කන මානසිකත්වයෙන් මිදුනෙ නැත්නම් කවදාවත් ගොඩ ඒමක් නෑ. අන්තිමට අපේ ළමයිනුත් කාගෙන් හරි කන්න බලාගෙන ඉන්න කිසිවක් හිතල නිර්මාණයක් කරන්න ඔලුවක් නැති පඹයින් පිරිසක් කරනවා මේ අය.

:       1       31

chandima fonseka Friday, 27 September 2019 04:25 AM

ඔන්න ඔය ඉස්සෙල්ලා අදහස් පළ කරපු කාටවත් නොතේරුණු ඉතාම වැදගත් කාරණේ මම කියන්නම්. ඔය දීලා තියෙන්නේ අලියා ලකුණින් යූ.එන්.පී එකෙන් නෙමෙයි කියන කාරණය. හංසයා වගේ වෙන ලකුණින් සන්ධානෙකින්. එතකොට එයා කෝටි ගණන් වියදම් කරලා දිනුවත් කවදාවත් යූ.එන්.පී නායකයා වෙන්නේ නැහැ. රනිල් ඇතුළු කණ්ඩායම දිගටම රෝල් ඇදගෙන යද්දී මෙතුමාට වෙන්නේ තමන්ගේ ආර්යාවත් එක්ක මාලිගාවට වෙලා ඔහේ ඉන්න විතරයි. ඔන්න ඕක තමයි හැංගි හැංගි මෙච්චර කල් කරපු රංගනය. පුළුවන්ම නම් අලියා ලකුණින් යු.එන්.පි එකෙන් එන්න කියන්න. මම කියන දේ වැරදි නම් ඔබ කවූරු හරි එහෙම නෙමෙයි කියල පැහැදිලි කරන්න.

:       133       77

sunil Friday, 27 September 2019 04:55 AM

එ.ජා.ප ව්‍යවස්ථාව අනුව අලියාගෙන් ඉල්ලුවොත් විතරයි ජනාධිපතිට ඉබේම පක්ෂ නායකකම ලැබෙන්නේ....

:       0       25

ddd Friday, 27 September 2019 07:50 AM

මේ පාරවත් රට ගැන හිතලා ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ පාර අපි වරද්දා ගත්තොත් ඉවරෙටම ඉවරයි.පෞද්ගලික අභිප්‍රායන් අමතක කරලා රට ගැන හිතලා ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්න. මේක තමා අපිට හම්බවෙන අවසාන වතාව. රට බේර ගන්න අපි හැම ජාතියක්ම එකට එකතු වෙන්න ඕනේ.යූ.එන්.පී එක හැමදාම කරේ මේ රට පාවලා දීලා එයාලගේ බඩ තරකර ගත්තු එක. මේ අවස්තාවේ රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් එක්කෙනෙකුට ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. අපි හැමෝම එතුමාට අපගේ ඡන්දය දෙන්න වග බලා ගත යුතුයි.

:       1       19

ddd Friday, 27 September 2019 07:54 AM

පැහැදිලි දැක්මක් අනූව ක්‍රියා කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා විතරයි. අනිත් හැමෝම කරන්නේ කුණු අවුස්සන එක විතරයි. කුණු අවුස්සලා පුලුවන්ද රට හදන්න? ඔබගේ වටිනා ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්න.

:       2       26

pjFriday, 27 September 2019 10:00 PM

ඔබ හරි. මහ රජ ඇතුළු සමාගම කුණු නිෂ්පාදනය කළා. අනිත් අය ඒ කුණු ඇවිස්සුවා. ගමරාළ සමග එකතු වී, නීතියට සම්බන්ධ සමහර අය කුණු යට ගහන්න උදව් දුන්නා. කුණු අවුස්සලා රට හදන්න ක්‍රමයක් නැති බව ඔබට වැටහුණා. ඔබගේ වටිනා ඡන්දය නාගාට දුන්නොත් මෙම ක්‍රමය නිවැරදි වෙයි කියා මතයක් ඇතිවුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 3708 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4577 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6983 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2930 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4132 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7517 7

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site