( ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
මේ වන විට අපේක්ෂකයින් ගණනාවක් හා ඔවුන්ගේ නියෝජිතයන් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සිටිති.
රුහුණු ජනතා පෙරමුණ අපේක්ෂක අජන්ත සොයිසා , ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමි නාම යොජනා බාර දී සිදු කළ අතර, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් අජන්තා පෙරේරා, ස්වාධින අපේක්ෂ එම් කේ සිවාජිලිංගම්, ජාතික ජන බල වේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඒ. එස්.පී ලියනගේ, ජාතික සංවර්ධන පක්ෂය රොහාන් පල්ලේවත්ත, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දුමින්ද නාගමුව යන මහත්වරු ද ස්වාධින අපේක්ෂක අපරැක්කේ පුණ්‍යානන්ද හිමි ද, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ අපේක්ෂක අරුණද සොයිසා , ස්වාධින අපේක්ෂකවරුන් වන එම්.එල්.ඒඑම් හිස්බුල්ලා, පියසිරි විජේනායක, ස්වාධීන අපේක්ෂකවරුන් වන ඉල්ලියාස් මොහොමඩ්, රජීව විජේසිංහ,නව සිහළ උරුමයේ අපේක්ෂක සරත් මනමේන්ද්‍ර ,අපේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් සුබ්‍රමනියම් ගුණරත්නම් මහත්වරුද මේ වන විට නාම යෝජනා බාර දී සිටින පිරිස අතරට එක්ව සිටිති.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද නාමයෝජනා බාර දුන්නේය.
පෙ.ව . 10 : ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙතෙක් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ නැත. ඔහු හැර සෙසු අපේක්ෂකයින් සියලු දෙනා පැමිණ සිටී.
ජාතික ජනතා පක්ෂ අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද නාම යෝජනා දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද නාම යෝජනා භාර දුන්නේය.
ස්වාධින අපේක්ෂකයින් වන කැටගොඩගමගේ ජයන්ත පෙරේරා , සිරිපාල අමරසිංහ , සිරිතුංග ජයසුරිය - එක්සත් සමාජවාදී පක්ෂ. වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා - අපේ බලය ජනතා පක්ෂය, වර්ණකුලසූරිය මිල්රෝයි ප්‍රනාන්දු , ස්වාධීන අපේක්ෂක වජිරපානි විජේසිරිවර්ධන , සමාජවාදී සමානතා පක්ෂය සමන්සිරි හේරත් , ස්වාධින අපේක්ෂකවරුන් වන සරත් විජිතකුමාර කීර්තිරත්න , චමින්ද අනුරුද්ධ , අශෝක වඩිගමංගාව,සමරවීර වීරවන්නි,ජාතික සමගි පෙරමුණු අපෙක්ෂක නාමල් රාජපක්ෂ, ස්වාධින අපේක්ෂක අහමඩ් හසන් මොහොමඩ් අලව් සහ නව සමසමාජ පක්ෂයේ අපේක්ෂක බැද්දේගමගේ නන්දිමිත්‍ර යන මහත්වරුද නාමයෝජනා බාර දුන්හ.
අපේක්ෂකයින් පිළිබඳ ලිඛිත විරෝධතා භාර දීමට 11.30 දක්වා වූ කාලයේ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා සුළු වේලාවකට පෙර දැනුම්දුන් අතර ඇප තැන්පත් කළ 8 දෙනකු නාමයෝජනා දී නැති බවද ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක ආරියවංශ දිසානායක මහතාද නාම යෝජනා භාර දුන්නේය.








ඡායාරූප - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා නාම යෝජනා දුන්නොත් ගිනස් වාර්තාවක්..! ජනාධිපති වෙන්නත් කලින් දෝෂාභියෝගයකට සුදුස්සෙක්...
රටේ පළමු පුරවැසියාගේ බිරිඳ ඇමරිකන් පුරවැසියෙක් වුනාම නියමයි. ළමයා එයත් ඇමරිකන්.එතකොට රටේ පළමු පුරවැසියාගේ වත්කම් බැරකම් ඇමරිකාවේ. හැබැයි වහල්ලු ටික කෑගහන්නේ අපි විදේශයට ගැති නැති දේශප්‍රේමින් කියලයි.
බොහෝ අදහස් වලින් පේන්නෙ අපේ රටේ මිනිස්සු අපේ ව්‍යවස්තාව ගැන හරි අව්බෝදයක් නැහැ කියලයි. ව්‍යවස්තාවේ තියෙනෙවා ද්විත්ව පුරවැසියෙකුට ඡන්දෙ ඉල්ලන්ඩ බැහැ කියලා. ව්‍යවස්තාවට ඉහලින් කිසි කෙනෙකුට යන්න බැහැ
CHANAK LOS ANGELES. ..... සිංහයෙක් වෙන්න බැහැ... එහෙනම් සිතීම ඔබට භාරයි
රෙදි ඇදගෙනද විමල් වීරවංශ, ගම්මන්පිල වගේ අය ගෝඨාභයට සහයෝගය දෙන්නේ.