(සුජිත් හෙවාජුලිගේ මොරගහකන්ද සිට)
‘අපිට ගහලා, දුර්වල කරලා , විනාශ කරලා , ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට කාරුණිකව කියනවා.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මා මේ දේ කියන්නේ අපිට අවහිර කරන අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍යවලට යැයිද ඔහු කීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද(23) උදේ පැවැති මොරගහකන්ද කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සව සභාවේදීය.
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.
අද සමහර පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන්නන් අපේ කටින් පිටවන අවශ්‍ය දෙවල් නොවෙයි. අනවශ්‍ය දේවල් ආණ්ඩු ආණ්ඩු විරෝධී ප්‍රචාර සවසට රූපවාහනි ප්‍රවෘත්ති බැලුවම මේ රටේ ආණ්ඩුවක් නැති ගාණයි. මාධ්‍යවල තියෙන්නේ රට විනාශ වෙනවා කියන එකයි. මා මේ ගැන කනගාටුවෙනවා.මම රටේ ප්‍රඡාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කළේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්නටයි. නිවැරදි දේ ලෝකයාට දෙන්නයි.
අද දේශපාලන ආරවුල්, ගැටම්, වැඩක් නැති අශිලාචාරත්වයට ප්‍රමුඛත්වය දෙන්න නෙවෙයි අද අපට අවහිර කරන, අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට මා කාරුණිකව කියනවා අපිට ගහලා අපි දුර්වල කරලා අපි විනාශ කරලා අපි ඇද දමලා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන නිදහස නැති කරගෙන දිලා තියනවා මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා
(ඡායාරූප -ඉෂාන් සංජීව)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ ප්‍රකාශයක් ජනපතිතුමනි
මාධ්‍ය සදාචාරය හෝ මාධ්‍ය නිදහස කියනඑක අපේ රටේ " සමහර" මාධ්‍යකරුවන්ට ඔට්ටු නැහැ. සමහරු ලියන්නේ කියන්නේ කරන්නේ ඒ ඒ ආයතන අයිතිකරුවන්ගේ සිතැඟියාවන්ට අනුකුලවයි. සමහරු වැඩ කරන්නේ තමන්ගේ දේශපාලන ආකල්ප හිතේ තබාගෙනයි. මේ නිසා ඔහොම තියා ඒගොල්ලොත් එල්ලලා මරනවා කීවත් ඒ වැඩේ නවත්වන්න බැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මොන මොන ක්‍රමයකින් හරි ඒගොල්ලන්ට අවශ්‍ය කෙනෙකුට බලය ලබාදුන්නොත් කල්ල මරේ බව. මාධ්‍ය නිදහසක් ඒ ගොල්ලන්ට මක්කටෙයි? ඒ ගොල්ලන්ට කෙරෙන්න ඔනෑ දේ ඒ ගොල්ලෝ කරනවා. මාධ්‍ය පතුරුවන බොරු හෙළිකරන්න. ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්න. ඒත් අහන්නෙම නැත්නම් ලයිසන් අවලංගු කරන්න.
රටට හා ආගමට මෙන්ම රජයට අපහස හා අගෞරව වන ආකාරයට පුවත් පලකරන මෙන්ම නැති වැරදි කියමින් ජනතාව මුලා කරන සියලුම මාධ්‍ය ආයතන තහනම් කල යුතුය.
මා සිත්න්නේ මෙය සම්පූර්ණ ඇත්ත කියා. මාධ්‍ය පක්ෂපාති වෙන්න ඕනේ සත්‍යයට පමණයි. අවාසනාවට අපේ මාධ්‍යය වහල් මාධ්‍යයක් වෙලා
බැනලා වැඩක් තිබේද? කොපමණ ප්‍රතිපාදන සංවර්ධනයට යෙදෙව්වත් අද අහන්න ලැබෙන්නේ, “ඕවා කලින් කට්ටිය පටන් ගත්ත ඒවා ” කියලයි. ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය ඉතා දුර්වලයි. දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් අහන්න ලැබෙන්නේ දුර දිග නොබලා කරන ප්‍රකාශ, උඩ බලන් කෙළ ගැහුවා දැන් ඇති...
මම 50%ක් ඔබතුමා සමග එකඟයි.. ඉතිරි 50% වැරදි ඔබතුමා බාරගන්න සිදුවෙනවා. ඔබතුමා අද කිව්ව කතාව නොවෙයි හෙට කියන්නේ. දවසක් ඔබතුමා කීවා " මමයි මහින්දට යන්න හෙලිකොප්ටර් දුන්නේ.." කියලා. එය රටේ කවුරුත් ඇසුවා නැරඹුවා. දැන් ඔබතුමා කියනවා "..මම ගුවන් හමුදාපතිගෙන් ඇහුවා කවුද මහින්දට හෙලිකොප්ටර් දුන්නේ.." කියලා. එයත් අපි ඇසුවා. නැරඹුවා. රටේ කවුරුත් නැරඹුවා. ඉතින් මාධ්‍ය තම රාජකාරිය හෙවත් " සන්නිවේදනය .." සිදුකරනවා. දැන් එතකොට කවුද බොරු කියන්නේ. ඔබතුමාද මාධ්‍යයද..? තව දෙයක් ඉතාම ආදරයෙන් ඔබතුමාට මතක්කරලා දෙන්න කැමතියි... සමහර මාධ්‍යය ආයතන නිසා තමයි කොහෙවත් හිටිය මෛත්‍රිපාල ඇමැතිතුමා ජනාධිපති වුනේ. ඒ වගේම තමයි.. ඔබ මාධ්‍යවලට තර්ජන ගර්ජන දමන්න ගත්තොතින්... මාධ්‍යයන් විසින්ම ඔබව ඉතිහාසයේ " කුණු බක්කියට " දමනු ඇත. මෙය මුළු විශ්වයටම පොදු නීතියකි. මාධ්‍ය සමග හැප්පිලා යහතින් හිටිය දේශපාලකයා කවුද කියලා හොයන්න....
ජනාධිපතිතුමනි, ඔය විදිහට දිගටම වැඩකරගෙන යන්න. ඔබට 2020 මනාපය සිකුරුයි.
මෙතුමා මතක තබා ගත යුත්තේ මෙතුමා බලයට ඒමට අද විවේචනය කරන මාධ්‍ය විශාල කැප කිරීමක් කළ බව.. මම ලංකාදීප වෙබ් අඩවිය දිනපතා භාවිතා කරන කෙනෙක්.. එතකොට ඔබතුමා ඔය කියන මහවැඩ කොටස ඵලවෙන්නේ නැද්ද?
රටේ ජනතාව අතර වගේම මාධ්‍ය ආයතන වලත් ඉන්නවා දේශපාලන වහල්ලූ. ඔවුන්ට මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් යන වචන අහිතකරයි.
ඇත්තම කියනවනම් මං කිසිම බයක් නැතුව අදහස් ලියන්නේ මේ යහපාලන ආණ්ඩුව බලයට පත්වුනාට පස්සෙයි. ඊට ඉස්සර ආණ්ඩුවට විරුද්ධව ලියනවා තියා වැඩපොලේදිවත් කතා කරන්න බයයි.
දැන් තියෙන මාධ්‍ය රටේ ජනතාවගේ ප්‍රශ්න හොයනවට වඩා මාකට් වෙන ප්‍රවෘත්ති හොයා හොයා ඉන්නවා. ඇත්තටම අපේ රට මෙහෙම තත්වයකට පත් වෙන්න මාධ්‍යත් වග කියන්න ඕනේ. තමන් කැමති දේශපාලන මතය බලෙන් මිනිස්සුන්ගේ ඔලුවට දාන්නේ නැතිව රටේ දියුණුවට අවශ්‍ය දේශපාලනයක් තෝරන්න පුළුවන් විදිහට හිතවන්න මිනිස්සුන්ව යොමු කරවන්න. ඒක තමයි මාධ්‍යයේ වගකීම.
ඉතා උසස් අදහසක්. දැන් බුරුල දුන්නා වැඩියි වගේ. රටේ තොටේ ඇවිදින අපි දකිනවා වේගවත් සංවර්ධනයක්. එහෙත් ගෙට වෙලා බොළද නාට්‍ය ටික විතරක් බලන ගම්වල අය දන්නේ ඇතැම් මාධ්‍යයන්ගෙන් කෙරෙණ අසත්‍ය ප්‍රචාර පමණයි.
මෙම ප්‍රකාශය කරන්න ප්‍රමාද වුනා වැඩියි
ඉස්සෙල්ලම පටන්ගන්න විජේකලාගේ ,කට වහලා.
ඇත්තටම හොඳ කොන්ද පන තියෙන ප්‍රකාශයක්... ඒ විදිහටම වැඩේ කරනවානම්…
නිදහස් මාධ්‍යයක වගකීම නම් පක්ෂග්‍රහී නොවී ඇත්ත ඇති සැටියෙන් ප්‍රචාරය කිරීමයි. නමුත් බොහෝ මාධ්‍ය දේශපාලන වාසි තකා මඩ ගැසීම් සිදු කරයි. ලංකාව වැනි කුඩා රටක මාධ්‍ය ආයතන රාශියක් ඇති විට, බොරු ප්‍රචාරයක් දිගු කාලයක් කල නොහැකි අතර, සත්‍ය ඉක්මනින්ම එලි වේ. ඇමෙරිකාවේ මෙවැනි මඩ ගැසීම් කල මාධ්‍ය අද "පච" ප්‍රවෘති කාරයින් බවට පත්වී ඇති අතර, ඒවාට සවන් දෙන ශ්‍රාවකයින්ගේ ගණන අඩු වී ඇත. එබැවින්, මාධ්‍ය රටේ පාලනයට වඩා තමන් ඉහලින් සිටී යයි සිතමින් ජනතාව නොමග යවන ප්‍රකාශ නිකුත් කරන්නේ නම්, දිගු කාලීනව ඔවුන්ගේ විශ්වසනීයත්වය බිද වැටී අවසානයේදී අවාසිය සිදුවන්නේ තමන්ටම බව වටහා ගත යුතුයි.
අඩන්න වෙන්නේ ඔයාටමයි . ඔයාට දීපු වැඩේ ඔයා කරන්න.අදටත් ඔයාට හොරුඅල්ලන වැඩේ කරගන්න බැරුව දගලනවනේ
මේ කීමට මම එකඟයි. මර්ධනය තියෙද්දී 'හ්ම් ' කියන්නේ නැතුව හිටපු සමහරු දැන් පුදුම වීරයෝ වෙලා. පුළුවන් තරම් රිනාත්මක පුවත් මවලා, ඉවසන අයගේ හුලන් ඇරලා, චන්ඩි / තක්කඩි පුම්බලා, 'likes ' වැඩි කරගන්ඩ නොකරන දෙයක් නෑ.
යහපාලනයෙන් මාධ්‍ය නිදහස ලැබුනට පස්සේ මේ පෞද්ගලික මාද්‍ය වැඩකරන්නේ විශාල තරගයක දුවනවා වගේ. රටට වින කරපු දේශපාලුවෝ පස්සේ ගිහින් කැමරාව අල්ලලා. මහා පුවත් මවලා ලොකුවට පෙන්නනවා. මෙන්න මේ මාධ්‍ය සම්ප්‍රදාය වහාම වෙනස් විය යුතුයි. විදේශ ප්‍රවෘත්ති බලනකොට අපේ රටේ ප්‍රවෘත්ති මොන විහිළුද.
පච ලාබයි නෝනා මහතුනේ.... යමන් බන්ඩෝ වෙසක් බලන්න... වගේ සින්දු ටිකකුත් මට මතක් උනා.
තාමත් ඉස්සර වගේම ඉදල හිටලා විහිළු කතා කියනවනේද ?
නිවැරදි ප්‍රවුර්තියක් පළකිරීම මාධ්‍යයේ වගකීමක්. එහි සත්‍ය අසත්‍ය තාවය කොයිහැටි වුවත් පළමුව ජනතාව ක්ෂණිකව ඩැහැගන්නේ ඒ තුලින් නිකුත් කරන ප්‍රවෘත්තියයි.
පටු මාධ්‍ය සම්ප්‍රදාය. බාල වැඩ පුම්බලා "මාර්කට්" වෙන්න හදනවා. තමන් අකමැති නම් පුළුවන් තරම් පහර ගහනවා. කැමතිනම් (පුද්ගලික වාසි තකා) ගොට්ට අල්ලනවා. අපි තෝරා බේරා ගෙන හරි දේ පමණක් ගත යුතුයි.
තමන් කරනදේ කියනදේ ලියනදේ අවංකව නිවැරිදිව කරනවානම් කාටවත් බයවෙන්න ඕනේ නැහැ. තර්ජනය කරන්න ඕනෙත් නැහැ. රටට අවශ්‍ය වන්නේ අවංක පාලකයෝ අවංක මාධ්‍යවේදීන් සහ දේශපාලකයෝ පස්සේ නොයන අවංක ජනතාවක්. රටක බහුතර ජනතාව හැසිරෙන විදිහට තමයි පාලකයෝ බිහිවන්නේ.
රටේ අපි හැමෝම හොදට බලාගෙන ඉන්නේ මෙතුමා කියන දේවල් කවද්ද කරලා පෙන්න්වන්නේ කියල. බලයට ඇවිල්ල කොච්චර කල්ද දැන් ?? එත් මොනවද මෙතුමා රටට කලේ කියවිල්ල මිසක්. මේ කියන කිසිම දෙයක් මෙතුමාට කරන්න බැහැ. ඇත්තම කියනවනම් සිරිසේන තුමාව දැන් කිසිකෙනෙක් ගණන්ගන් නැහැ . රටේ අපි වැඩිදෙනෙක් අකමැති රනිල් තම රට කරන්නේ අවාසනාවකට
ගිරිය කඩාගෙන පර්ලිමෙන්තුවෙයි, රට හැමතැනම පච හලාගෙන යන කල්ලියත් ඕනවට වැඩි නැද්ද