(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මෙම සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර , ඔවුන් හලාවත ප්‍රදේශයෙන් , බහු දින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට ගොස් තිබේ .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද 16 දින උදෑසන 6.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි බී.එච්.වී.සී.අයි නැමැති විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත , එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ එවා තිබුණි .
මේ වනවිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව , වැඩිදුර විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 13 ක් යළි ලංකාවට
Perera Friday, 16 August 2019 08:29 PM
අවුලක් නැහැ. තව අවුරුද්දකින් විතර ඕස්ට්‍රේලියාවේ ඉන්න අයත් ලංකාවේ පදිංචි වෙන්න ඉල්ලන් එයි. ඒ තරමටම ලංකාව දියුණු වෙයි.
Ajith Nissanka Sunday, 18 August 2019 06:57 PM
හොරකම් වලින්ද ? කුඩු වලින්ද ?