(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
ලෝක කුසලාන 2011 තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවා දුන්නේද? නැද්ද? යන්න සෙවීම සඳහා ආරම්භ කෙරුණු විමර්ශනය ආණ්ඩුව මැදිහත්වෙලා යටගැසූ බවත්, එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැළැක්වූ බවත්, ක්‍රීඩාව සම්බන්ධයෙන් බොරු චෝදනා කළහොත් රටේ ක්‍රීඩා නීතිය යටතේ වසර 3ක සිර දඬුවමකට යටත් කරන්නට හැකි බවත් හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරන ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණ්වර්ධන මහතා අද (4) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.
‘‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස මටත් 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය නරඹන්න අවස්ථාව ලැබුණා. එහිදි මට නම් දැක ගන්නට ලැබුනේ නැහැ... ඒ තරගය අපේ ශ්‍රී ලංකා කණ්ඩායම පාවා දුන්නා කියලා. ඉන්දියාවත් ලංකාවත් අතර පැවති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මම හොඳින් නැරඹුවා. එහිදි කිසිවිටකවත් අපේ කණ්ඩායම ඒ තරගය පාවා දුන්නා කියලා පොඩිම සැකයක්වත් අපිට ඇති වුනේ නැහැ. එක් අවස්ථාවකදී අපේ කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට පැමිණිලා සිටියා.
එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නතර කරලා ජය ඒ අයගේ පැත්තට යොමු කර ගත්තා. ඒකයි එදා සිද්ධවුනේ. සිද්ධවෙන්න පුළුවන් දෙයක් තමයි එදා සිද්ධවුනේ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මම විශාරදයෙක් නෙමෙයි. නමුත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් බව මම දැනගෙන සිටියා . එදා ඒ දේ සැබවින්ම අත්වින්දා. මා මිත්‍ර හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙය නොදැන සිටීමයි මෙයට එකම හේතුව....
මහින්දානන්ද ඇමැතිතුමා දැන හෝ නොදැන මේ කළ වැඩෙන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තරයෙන් ලොකු බලපැමක් එල්ලවුණා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව ජාත්‍යන්තරය වැරදි විදිහටයි දැන් බලන්නේ. ලෝකයේ වෙන කොහේ රටක ක්‍රිකට් තරග පාවාදෙන ක්‍රිකට් ක්‍රීඩකයින් හිටියත් ලංකාවේ එහෙම නැහැ කියලා මුලු ලෝකයාම පිළිගෙන තිබූ අවස්ථාවක මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ කල වැඩේ සුලුපටු වැඩක් නෙමෙයි.
මම හිතන්නේ මේක දේශපාලනික ගේමක් . මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල බලන්න ඕන. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ චෝදනාවක් එල්ල කලේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නයි. ඒකයි අවුරුදු 9ක් නිදාගෙන හිටිය හිටපු ක්‍රිඩා ඇමති මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මේ අවස්ථාවේදීම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බවුන්සර් පන්දුවක් එව්වේ. ඒ අය හිතුවේ නැහැ මේක ජාත්‍යන්තරයේ පවා මහත් ආන්දෝලනයකට ලක්වේවි කියලා. මේ චෝදනාවෙන් ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරයම ඇවිස්සුනා. එයින් ආණ්ඩුවට විශාල චෝදනා එමින් තිබුණා. ආණ්ඩුවට අපකීර්තිය ගලා ඒම සිද්ධවුණා. එයින් බේරෙන්නයි මේ වෙනුවෙන් සිදු කෙරුණු විමර්ශන හදියේම නතර කරන්න කටයුතු කරලා තියෙන්නේ. මේකත් ආණ්ඩුවේ මැදිහත්වීමක්. තව දුරටත් මේ විමර්ශණය ඉදිරියට ඇදිලා ගියහොත් ආණ්ඩුවට ලොකු අවාසියක් ජාතික හා අන්තර් ජාතික වශයෙන් වෙන නිසා හදිසියේම එය නතර කරන්න ආණ්ඩුව කටයුතු කළා.
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කළ මේ චෝදනාව බොරුනම් ක්‍රීඩා නීතිය යටතේ එය වසර 3ක සිර දඬුවමකට යටත් කරන්න පුලුවන් ලොකු වරදක්.‘‘ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණ්වර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාවාදීමක් සිදු නොවන්නට ඇති. එදා ක්‍රීඩා කලේ සුහද ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක්. අවුරුදු 9කට කලින් සිදුවූ දෙයක්නේ. අමතක කර දැමීම තමයි වඩාත්ම සුදුසු... ඒත් මේ වෙනම කතාවක්... එනම් පක්ෂ පාට නොබලා අධි පොහොසතුන් වූ සියලුම දේශපාලකයින් සම්බන්ධයෙන් විමර්ශන කෙරිය යුතුමයි. මෙවන් ප්‍රයෝග වලින් ඒවා යටපත් වීමට ඉඩ නොහැරිය යුතුයි.
ගරු සජින් මැතිඳුනි, විකට්ටුව පිටුපස සිටි සංගක්කාරයන් අරතරම් කැච් මිස් කලේ ඇයි? බෝක්කු යැව්වේ ඇයි?
මහින්දට හේත්තු වෙලා මහින්දවත් විනාශකළ දේශපාලන පරපෝෂිතයින් එළිබැහැලා..
අසාමාන්‍ය කැච් මිස් කලේ බෝක්කු යැව්වේ ඇයි?
මේ අර ක්‍රිස් නෝනිස්ට ගහපු කෙනානේ... මහින්දගේ කාලේ හොරකම් කළානේ... මෙයා කියන ඒවා අහන්නේ කවුද?
මුට්ට කරගහලා, පස්සේ දේශපාලනයට ඇවිත් හොරකම් කළ අයට වංචා ගැන කතාකරන්න තියෙන අයිතිය කුමක්ද?
මෙතුමා සහ මෙතුමා වගේ අය කිසිදෙයක් නොකර මෙහෙම කෝටිපතියෝ වුණේ කොහොමද කියලත් හොයන්න ඕනේ...
සමහර ක්‍රීඩකයන් තමුන්ටත් පගාව දෙන්න උත්සාහ කලා කියලා මුලින්ම ICC යට දැන්වූ වීර ක්‍රීඩා ඇමැති කෙනෙක් යහපාලනය කාලයේ හිටියා. එයයි සැබෑ පවාදීම.
මේ කියන කථාව ඉතාම වැදගත්. මෙතන සංඝා හෝ මහේල ගැන කතාවක් නෙමේ තියෙන්නේ.
හිරේ යනවනං යන්න තව කට්ටිය ඔය ඕනෙතරම් ඉන්නෙ.
මෙයා හිරේගිහින් ආව කෙනෙක්ද? හිරේ ඉන්න ඕනෑ කෙනෙක්ද?
මේ වගේ හොරුන් කොහොමද අද ක්‍රිකට් දූෂණ ගැන කරපු පැමිණිල්ල විවේචනය කරන්නේ? අවංකවම දේශපාලනය කළ කෙනෙක් කතා කළා නම් ප්‍රශ්නයක් නැහැ.
හරි හරි ඒවා අපි බලාගන්නම්.
ඔබ දැන් මෙසේ කීවත්, කලින් පැත්තේ සිටියදී ඔබ හොඳට මුදල් මුදල් හදල් ගොඩ ගහ ගත්තු කෙනෙක්.... මහින්දානන්ද වැරදි ඇති ... ඒත් ඔබ නිවැරදිද? සාමාන්‍ය මට්ටමේ සිටි ඔබ මේ තරම් මහා ධන සම්භාරයක් උපයා ගත්තේ කෙසේද කියන්න.
කරන්න තියෙන ඔක්කොම වෑඩ කරලා, දෑන් එනව බබා පාට් දාන්න. මිනිස්සු දන්නවා.