
(දයාසීලි ලියනගේ සහ නිශාන්ත කුමාර බණ්ඩාර)
අම්පාර දිස්ත්‍රික්කයේ පානම්පත්තුවේ පිහිටි මුහුදු මහා විහාරයට අයත් භූමියේ පවුල් පන්සීයක පමණ පිරිසක් අනවසරයෙන් පදිංචි වී ඇතැයි අනාවරණය වෙයි. මෙම පිරිස මුස්ලිම් ජාතිකයෝ වෙති.
මෙම පදිංචිකරුවන් පිරිසකට මේ වෙනවිට බලපත්‍ර ලබාදී ඇති බව ද හෙළිවෙයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී වන සම්පත් සහ පරිසර ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ මුහුදු මහා විහාරයට අයත් භුමිය යළි මැනුම් කටයුතු සිදුකිරීමට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බවයි.
මෙම භුමිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවි දෙපාර්තමේන්තුවට ද අයත් වෙන අතර ඒ ඒ ආයතනවලට අදාළ භූමි එ්වාට පැවරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
මෙම ආයතනවලට අයත් අණපනත් පිළිබඳව නොදැනුවත් වී ඇති ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරු සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා මුහුදු මහා විහාරයට අයත් ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් බලහත්කාරයෙන් පවරා ගෙන සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ පිළිබඳව මීට පෙර 1951 ක්‍රියාත්මක කළ පළමු ගැසට් පත්‍රයට අනුව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති කිව්වට කවුරුත් ගණන් ගන්නේ නැහැ.
ඔය බලපත්‍ර ලබාදී පදිංචි කළ සියලු අමතිවරු , නිලධාරින් මුහුදු මහා විහාර ගල මුදුනට ගෙන ගොස් මුහුදට තල්ලු කරන්න.
බලපත්‍ර දුන්නු ,විදුලිය ,ජලය දුන්නු සියල්ලන්ම රාජ්‍ය සේවයෙන් පහ කළ යුතුයි . මේ වගේම තමයි රජයට අයිති ගංගා ඉවුරු ,දුම්රිය මාර්ග දෙපස පිහිටි ඉඩම් කොළඹ සහ ප්‍රධාන නගර වල ඉඩම් හොර ඔප්පු හදා ,විදුලිය ,ජලය ලබා දුන්නු සියලුම රජයේ නිලධාරීන් සේවයෙන් පහකළ යුතුයි.
දේශපාලන පක්ෂය හෝ වෙනත් වාසි නොබලා මේ අවස්ථාවේදී පදිංචි උන අයටත් පාඩමක් උගන්නන්න ඕනා. වහාම මොවුන් ඉවත් කර වෙනත් තැනකින් ඉඩම් දෙන්න. එතකොට නැවත වරක් මේ වගේ හොර විදියට එන අය දන්නවා මේ වැඩේ නොකළ යුතු දෙයක් බව. ආණ්ඩුවේ දේශපාලන හොරුන් මේවා සාපරාධි ලෙස දුන්නත් කවදා හරි රජය තමාගේ ඉඩම නීති මගින් ක්‍රියාකර නැවත වරක් පවරා ගන්න බව ප්‍රසිද්ධියේ පෙන්වන්න ඕන.
අසාධාරණ විදියට පන්සල් ඉඩම් මංකොල්ලකෑමෙන් වළකින්න. සියළු පුරාවස්තු සහිත ඉඩම් රජයට පවරා ගත යුතුයි. අසාධාරණයට ඉඩ නොතබන්න ජන්දය බලාපොරොත්තුවෙන් බෞද්ධ ඉඩම් මංකොල්ලයෙන් වැළකිය යුතුයි.
මේකත් හොඳ පොයින්ට් එකක් රට ගැන හිතලා චන්දෙ දෙන්න.
මෙවැනි දේවල් කළහැක්කේ ලංකාවේදී පමණයි! දකින විට අපේ රට ගැන දෑඩි වේදනාවක් ඇතිවේ!
පදිංචිවෙලා නෙමෙයි ඉඩම් බලෙන් අල්ලාගෙන පදිංචි කරලා.
පසුගිය වසර පහක කාලය තුළ සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව හා හොර පාරෙන් ශ් රීලංකාවට ඇතුලු වූ රෝගින්‍යා , පාකිස්තාන් , හා අනිකුත් විදේශික මුස්ල්මානුවන් බහුලව මෙවැනි ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන වල පදිංචි කර ඇත්තේ ඔවුන්ට ජාතික හැදුනුම් පත් ද ව්‍යාජ ලෙස සාදා දෙමිනි. මේ පිළිබදව ද නිසි පරීක්ෂාවක් අවශ්‍යයයි.
කොහොමද උතුරේ හමුදා අත්‍යවශ්‍ය සේවා වලට පවරා ගත්ත ඉඩම් වලට ලෝකේ වටේ ඉන්න හැත්තෑ බුරුත්තම පුප්පනවා ...!! පල්ලියකට කෝවිලකට මොනවහරි උනාම අපේ නාලිකා උගුර ලේ රහ වෙනකන් කෑගහනවා ... අපේ සිංහල බොදු දේශයේ උරුමය බලෙන් ගත්තම මීයට පිම්බා වගේ. කතිරයට හිගාකන දේශපාලන හිගන්නෝ රට විනාශ කරනවා.