IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෞද්ගලික අංශ හවුලෙන් දුම්රියට කෝටි 46ක් පාඩුයි

 

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව “වයිස් රෝයි” නමින් හැඳින්වෙන වාෂ්ප එන්ජිමකින් හා මැදිරි හතරකින් යුත් විශේෂ දුම්රිය ධාවනය කිරීමෙන් සහ එක්ස්පෝ ලංකා හා රාජධානි එක්ස්ප්‍රස් විශේෂ සුඛෝපභෝගි මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමෙන් රුපියල් කෝටි 46ක මූල්‍ය අලාභයක් සිදුවී ඇති අතර ඒ මුදල් අයකර ගැනීමට මේ රජය යටතේ කිසිදු පියවරක් ගෙන නැති බව සඳහන් වේ.
වයිස් රෝයි දුම්රිය ධාවනය සඳහා පෞද්ගලික සමාගමක් සමග පැවැති ගිවිසුම 2016 වර්ෂයේ දී අලුත් කර ඇති අතර ඒ ගිවිසුමට අනුව දුම්රිය ප්‍රතිසංස්කරණ වියදම් අලුත්වැඩියා වියදම් වායු සමීකරණ වියදම් සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගෙන ඇති බව දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා සඳහන් කරයි.


කලින් ගිවිසුම්වලට අදාළව එම දුම්රියේ ධාවන ගාස්තු, අලුත්වැඩියා ගාස්තු ගිවිසුමෙන් තොරව ධාවනය වූ කාලයට අයවිය යුතු මුදල ආදිය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතුව තිබූ රුපියල් දෙකෝටි හැට එක් ලක්ෂ නව දහස් එකසිය අනූපහක මුදල අයකර ගැනීමට පියවර නොගෙන සහනදායි කොන්දේසි ඇතුළත් කර ගිවිසුම අලුත් කර ඇති බව සඳහන් වේ. 


මීට අමතර එක්ස්පෝ ලංකා සහ රාජධානි එක්ස්ප්‍රස් විශේෂ සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීමේදී ආසන අඩු කිරීම, බදු කුලී නොගෙවීම, ප්‍රමාද ගාස්තු නොගෙවීම, සැබෑ මගී සංඛ්‍යාව පදනම් කර නොගෙන මුදල් ගණනය කිරීම යනාදී කරුණු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට පෞද්ගලික සමාගම් දෙකක් ගෙවිය යුතුව තිබූ හතළිස් තුන් කෝටි අනූ නව ලක්ෂ පනස් දහස් හයසිය දහයක මුදලක් අයවිය යුතු බව විගණන වාර්තා පෙන්වාදී තිබිණි. ඒ මුදල් ලබාගැනීමට දෙපාර්තමේන්තුව කිසිදු උත්සාහයක් හෝ ගෙන නොතිබුණ බවද විතානගේ මහතා පෙන්වා දෙයි.

දයාසීලි ලියනගේ


එම මුදල අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා

දුම්රිය දෙපාර්තමේන්තුවට අය විය යුතුව ඇති කෝටි 46 ක මුදල ලබා ගැනීමට තිබේ නම් ඒ පිළිබඳව සොයා බලා අය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා කීය.


“වයිස්රෝයි” නමින් හැඳින්වෙන දුම්රිය වෙනුවෙන් අය විය යුතු බදු කුලිය රුපියල් දස කෝටි දහඅට ලක්ෂ පනස් නවදාස් අටසිය දාසයක මුදල සහ එක්ස්පෝ හා රාජධානි නමින් හඳුන්වන සුඛෝපභෝගි දුම්රිය වෙනුවෙන් හතළිස් තුන්කෝටි අනූනව ලක්ෂ පනස් දහස් හයසිය දහයක මුදලක් ලැබිය යුතු නම් ඒ මුදල් අය කර ගැනීමට පියවර ගන්නා බවද ඔහු කීය.



අදහස් (0)

පෞද්ගලික අංශ හවුලෙන් දුම්රියට කෝටි 46ක් පාඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site