IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


දොස්තර ෂාෆි බේරාගන්න වෛද්‍ය පිරිසක් මැදිහත් වෙලා

(විශේෂ වාර්තාකරුවෙකු විසිනි)  

සිංහල බෞද්ධ කාන්තාවන් වඳ භාවයට පත්කිරීමේ සැත්කම් කළ බවට සැකයට භාජනය වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂාෆි ෂිහාබ්දීන් මහතා එම චෝදනාවෙන් බේරා ගැනීම සඳහා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන් පිරිසක් මැදිහත්ව සිටින බව ‘ඉරිද‌ා ලංකාදීපයට’ වාර්තා වේ.  

මෙසේ මැදිහත්ව සිටින වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් කුරුණෑගල ශික්ෂණ රෝහලේම සේවය කරන බව වාර්තා වන අතර මොවුන් සියලුම දෙනා සිංහල වෛද්‍යවරුන් වීම ද විශේෂත්වයකි.  


කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසුතිය සඳහා සිසේරියන් සැත්කම් සිදුකර ගැනීමට පැමිණි මවුවරුන්ගේ සිසේරියන් සැත්කම් විශාල සංඛ්‍යාවක් මෙම වෛද්‍යවරුන් විසින් සිදුනොකොට සැකයට භාජනය වී සිටින ෂාෆි සිහාබ්දීන් වෛද්‍යවරයාට පවරා ඇති බව ද මේ දිනවල සිසේරියන් සැත්කම් වලට ලක්වූ කාන්තාවන් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපත් කරන පැමිණිලි වලින් සිසේරියන් සැත්කම් මඟහැර ගිය මෙම වෛද්‍යවරුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. එම වෛද්‍යවරුන්ට පැවරුණු සිසේරියන් සැත්කම් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට පවරා ඇත්තේ කුමන පදනමක් මතදැයි අනාවරණය වී නැති අතර කාන්තාවන්ගෙන් ලද පැමිණිලි පිළිබඳව සිදුකරන විමර්ශන වලදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇතැයි ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.  


ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන්ගෙන් ලැබී ඇති පැමිණිලි මාර්ගයෙන් වෛද්‍යවරුන් පිරිසක් විසින් කරන ලද මෙම නීතිවිරෝධි ක්‍රියාව පිළිබඳව අනාවරණය වීමෙන් පසුව බියට පත් එම වෛද්‍යවරුන් පිරිස් පරීක්ෂණ කටයුතුවලට බලපෑම් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.  

 



අදහස් (6)

දොස්තර ෂාෆි බේරාගන්න වෛද්‍ය පිරිසක් මැදිහත් වෙලා

සනත් බස්නායක Friday, 07 June 2019 06:00 PM

නාරිවේද වෛද්‍ය විශේෂඥයෝ තමයි සිසේරියන් සැත්කම් කලයුත්තේ නමුත් ඔවුන්ට රාජකාරි කටයුතු අධික නිසා ජේෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන්ට ශල්‍යකර්ම පුහුණු කොට ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සංකීර්ණ නොවන ශල්‍යකර්ම බාරදෙනු ලැබේ. ඇත්ත වශයෙන්ම මෙම ශල්‍යකර්ම සියල්ල කලයුත්තේ විශේෂඥ වෛද්‍යවරයාම නිසා ඔවුන් කලබලවී ඇත.

:       10       112

එරා Saturday, 08 June 2019 02:09 AM

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කොට කරුණු කාරණා සොයා බලන්න.

:       1       39

Samrae Wednesday, 12 June 2019 08:25 AM

ජීඕඑම්ඒ මොකද නිහඬ ....? කරන්නේ බොරුවක් නිසා පීචන් වෙන්න ලජ්ජාවටද ?

:       1       36

Waima Tuesday, 18 June 2019 05:00 AM

රුපියල් 5000 ගානේ දීලා 4000 ම පැමිණිලි කරනකන්ද ඉන්නේ ?

:       49       68

sugathpremalal Saturday, 22 June 2019 10:48 AM

හැම දේම මුදල් වලට යට වෙලා. ..ලංකාවේ නිතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මෙය ජාත්‍යන්තර උසාවියක් මාර්ගයෙන් නිසි දඩුවම් ලබා දීම කල යුතුයි.... හැම දේටම පරීක්ෂණ කම්ටුවක් පත් කරනවා..පරීක්ෂණ කරනවා. නමුත් පගාවට හැම දේම යට ගහනවා. හැමදාම ඔය සෙල්ලම කරන්න දෙන්නේ කොහොමද?

:       35       82

Sugath Tuesday, 25 June 2019 04:46 AM

මොකද පාදෙණිය දැන් නිහඬ.

:       18       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 926 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1006 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 402 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site