
(අජන්ත කුමාර අගලකඩ)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශීය සංචාරකයන්ට ලබන අගෝස්තු මස 1 වැනිදා සිට යළි විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබුණ ද එය තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙරටට ඒමට සූදානමින් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් ලබන අගෝස්තු 1 වැනිදා වනවිට ගෙන්වා අවසන් කිරීමට නොහැකි වීම නිසා ගුවන් තොටුපළ සංචාරකයන්ට විවෘත කිරීම මෙසේ කල්යනු ඇතැයි වාර්තා වේ.
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේදී කටුනායක ගුවන්තොටු පොළේදීම පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කෙරෙන බැවින් දැනට තිබෙන පහසුකම් අනුව දිනකට මෙහෙයුම් සිදුකළ හැක්කේ ගුවන් යානා තුනක් පමණක් බව සංචාරක ගුවන් සේවා හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් 52,401 දෙනකු පමණ මෙරටට ඒමට සූදානමින් සිටින බවත් දැනටමත් ගෙන්වා ගෙන ඇත්තේ 12,000 ක පමණ පිරිසක් බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර ගුවන් තොටුපළ විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ සකස් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තාක්ෂණික කමිටුවක් පත්කරනු ලැබ ඇතැයි වාර්තාවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් හා ශ්‍රීලංකන් ගුවන් සමාගම, ගුවන් තොටුපළ අධිකාරිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සංචාරක මණ්ඩලය යන ආයතනවල නිලධාරීන් ද එම කමිටුවට ඇතුළත්ව සිටින බව දැනගන්නට ඇත.
තාක්ෂණික කමිටුව එම වාර්තාව සකස් කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු එය ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
117
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
968
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2575
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කටුනායක ගුවන්තොට අගෝස්තු මුල විවෘත නොවෙයි
DD Tuesday, 30 June 2020 08:43 PM
නුසුදුසු දත්ත විශ්ලේෂණය සහ පුරෝකථනය කිරීම මෙම තත්වයට හේතු වන්නට ඇත. කෙසේ වෙතත්, විශ්ලේෂණයට දොස් පැවරිය නොහැක්කේ කොවිඩ්ට මෙම අවස්ථාවෙහිදී අනාවැකි කිව නොහැකි බැවිනි. මෙම අවස්ථාවෙහිදී ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාව දේශ සීමාව විවෘත කරන තෙක් බලා සිටින බොහෝ දෙනෙක් සිටිති ..