හතළිස් දාහකට අලුතින් බදු “ෆයිල්”


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
නව ආදායම් බදු පනත ක්‍රියාත්මකවීමත් සමග බදු ගෙවීම සඳහා පුද්ගලයන් 40000 ක් පමණ අලුතෙන් බදු ලිපි ගොනු විවෘත කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.  

ඉදිරි වසර තුළ එය ලක්ෂය ඉක්මවනු ඇතැයි වාර්තා වෙයි.  


නව ආදායම් බදු පනත ක්‍රියාත්මකවීමත් සමග බොහෝ දෙනකු බදු ලිපි ගොනු විවෘත කිරීමට පියවර ගෙන තිබුණි.  


එ​සේ ලිපි ගොනු විවෘත කළද බදු ගෙවීමට අවශ්‍ය නොවන පුද්ගලයන්ගේ බදු ලිපි ගොනු ඉවත් කිරීමට කටයුතු කෙරේ.  


කෙසේ වෙතත් නව ආදායම් බදු පන​ෙත් යම් යම් අඩුපාඩු විවිධ අංශ පෙන්වා දී ඇති අතර ඉදිරියේදී එම අඩුපාඩු සකස් කිරීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.