සරසවි සිසුන් පහළොස්ද‌ාහක් අලුතෙන් බඳවා ගන්නවා


අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් 

(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්) 

ලබන ඔක්තෝබර් මාසයේ පවත්වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් වෙන සිසුන් වෙනුවෙන් අලුතින් විශ්වවිද්‍යාල 10 ක් ආරම්භ කර වැඩිපුර සිසුන් 15,000 ක් ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය. 

මේ වෙන විට 184,000 ක පමණ පිරිසක් විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබුවත් විශ්වවිද්‍යාලවලට තෝරා ගනු ලබන්නේ 31000 ක පිරිසක් පමණි. ලබන වසර වෙන විට විශ්වවිද්‍යාල 10 ක් අලුතින් ආරම්භ කිරීමෙන් සිසුන් 46,000 කට විශ්වවිද්‍යාල වරම් හිමිවෙනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.