IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්

(යොහාන් භාසුර)

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජිකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරයෙක්ගේ හිතවතකුගේ නම් පාවිච්චි කරමින් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

ප්‍රධාන වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් පාතාලයේ නම් පාවිච්චි කරමින් මෙම නීති විරෝධී ක්‍රියාවේ නිරත වන බවත් ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් රේගු ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට බියකින් පසුවන බවත් ව්‍යාපාරිකයෝ කියති.

රේගුව රාජසන්ත කළ අඩි 20 බැගින් වන කන්ටේනර් 15 ක ඇති රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමින් යුත් ටයිල් 58,024 හෙට (26) පෙරවරුවේ ටෙන්ඩර් පිරිනැමීමට නියමිතව ඇති බවත් එම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කර ඇති ඇතැම් ව්‍යාපාරිකයන් ද බියගැන්වීමට එම සංවිධානාත්මක පිරිස කටයුතු කර ඇති බවත් ඔවුහූ කියති.

එම ටයිල් ටෙන්ඩරය විවෘත කර පිරිනැමීම රේගු මූලස්ථානයේ මධ්‍යම අපරණ අංශයේදී හෙට පෙරවරු 10.00 පැවැත්වීමට නියමිතය.

 



අදහස් (2)

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්

Prabha Thursday, 25 April 2024 06:26 PM

චන්ද්‍රිකාගේ ගානේ බැද්දගානේ සංජීව පටන් ගත්තු සෙල්ලම...

:       2       17

Bamunuarachchi Friday, 26 April 2024 03:50 AM

ටිරාන් අලස් මහත්තයෝ මේ ගැනත් සොයා බලන්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්ක කඩා වැටේ
2024 මැයි මස 05 274 0

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස


ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ
2024 මැයි මස 05 131 0

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි.


මිනිබිරියගේ දිවි බේරූ මිත්තණිය ත්‍රීරෝද රියට බිලි
2024 මැයි මස 05 161 0

සිය මිනිබිරිය ත්‍රිරෝද රියක ගැටී සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීමට උත්සාහ කළ මිත්තනිය එම ත්‍රිරෝද රියේ ගැටී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවතට
2024 මැයි මස 05 93 0

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවැසීය.


‘මේක අරුම පුදුම ආණ්ඩුවක්‘
2024 මැයි මස 05 300 0

අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පොකට් ගැසූ පොලිස් කත මාට්ටු
2024 මැයි මස 05 302 0

මහනුවර ප්‍රධාන පෙලේ ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයකදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බව කියන පොලිස් කොස්තාපල්වරියක මහනුවර මූලස්ථාන පොලිසියේ අපරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 491 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1936 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1704 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site