මත්තල ඉන්දියාවට දෙන්න තවත් පොල්ලක්


(අජන්ත කුමාර අගලකඩ)

පාඩුව බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට බදු දීමේ ගනුදෙනුව ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ රජයෙ තක්සේරු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 229කට දිගුකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට රජය යෝජනා කර තිබූ අතර ඊට ඉන්දියාවද කැමැත්ත පළකර තිබිණි. එහෙත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පවත්වාගෙන යාමේදී සිදුවන පාඩුව බාර ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.


මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 14.7ක් පමණ වන අතර එහි වියදම රුපියල් බිලියන 5,650ක් පමණ වන බව දැන ගන්නට තිබේ.


මේ තත්ත්වය තුළ මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පැවරීමේ ගනුදෙනුව තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි පැවැසේ. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙ කොටස්වලින් සියයට 70ක් ඉන්දියාව දී ඉතිරි සියයට 30 ශ්‍රී ලංකා රජය සතුව තබා ගැනීමටත් එහි මෙහෙයුම් කටයුතු හා ආරක්ෂාව ඇප පිට ශ්‍රී ලංකා රජය විසින් සිදු කිරීමටත් රජය යෝජනා කර තිබිණි.