බීවොත් උග්‍ර විෂ තුන්දාහේ මත් පෙත්ත


 

යාබා නමැති මත් පෙති විශාල තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් කොටුකරගත්තේ පෑලියගොඩ ප්‍රාදේශීය සභා කාර්යාලය ආසන්නයේදීය.   


ඇම්පෙටමින් කුලයට අයත් යාබා නමැති මෙම මත් පෙත්ත උග්‍ර විෂකින් යුක්තය.   


උග්‍ර විෂක් සහිත මෙවැනි මත් පෙති මෙතරම් තොගයක් මෙරටින් අත්අඩංගුවට ගෙන අැත්තේ මුල් වතාවටය. 


මේ වැටලීම සිදු කළේ පසුගිය සිකුරාදාය. 


මෙම මත් පෙති 7800 ක පමණ තොගය සන්තකයේ තබාගෙන සිට ඇත්තේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ලෙස සැලකෙන රංජි නමැත්තෙකුගේ සහෝදරයකු සන්තකයේය. 


රංජි නැමැත්තාගේ සහෝදරයා සමඟ අත්අඩංගුවට ගත් අනෙකා කොළඹ දිසා අධිකරණයේ සේවය කරන ආරච්චි කෙනෙකි. 


අල්ලාගත් මත් පෙති තොගයේ වෙළෙඳ පොළ වටිනාකම කෝටි 2 1/2 කටත් වැඩිය. 


මත් පෙති තොගය රැගෙන යමින් සිට ඇතැයි කියන්නේ උසාවි ආරච්චිගේ නිවසේ විකුණන තෙක් සඟවා තැබීමට බව කියති. 


ලෝකයේ ​ෙබාහෝ රටවල මත් ලෝලීන් යාබා නමැති මෙම මත් පෙති බහුල වශයෙන් භාවිතා කරන අතර මේවා බංගලිදේශයේ සිට මෙරටට ගෙනා බවට තොරතුරු ලැබී තිබේ. ඒවා ගෙනා ආකාරය ගැන තොරතුරු තවම අනාවරණය වී ​ෙනමැත. 


බීච් පාටි වර්තමාන තරුණ - තරුණියන් අතර ජනප්‍රිය අංගයක් බවට පත්වෙමින් තිබේ. 


බොහෝ සති අන්තවල බීච් පාටි සමහර මුහුදු තීරවල පැවැත්වේ. 


බීච් පාටි ​බොහෝ විට සංවිධානය කරන්නේ අන්තර්ජාලය ඔස්සේය. 


යාබා නමැති මෙම මත් පෙති විශේෂය බීච් පාටිවලට එන තරුණ-තරුණියන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට ගෙන ඒවා තොගයක් විය හැකි බව පොලීසියේ විශ්වාසයයි. 


එක් මත් පෙත්තක මිල රුපියල් 3,000 ක් පමණ වෙයි. 


බිච් පාටිවලට එන තරුණ තරුණියන්ට වැඩි කාලයක් නටා ආතල් එකක් ගන්න යාබා මත් පෙත්ත හොඳ උත්​ෙත්ජනයක් ලබාදෙන බව පැවසුනත් එයින් සිරුරට සිදුවන හානිය නම් අතිශය බරපතලය. 


උග්‍ර විෂක් සහිත මේ මත් පෙත්ත නිතර භාවිතයට ගෙන ආතල් ගැනීමට යාම සීතල මරණය කරා යන ගමන වැළැක්වීමට හැකියාවක් කිසිම කෙනෙකුට නැත්තේය. 


බීච් පාටිවලට එන අයට පමණක් නොව රාත්‍රී සමාජශාලාවලට එන අයටද මෙම මත් පෙති අලෙවිකරති. 


ගල්කිස්ස, කොල්ලුපිටය, බම්බලපිටිය, තංගල්ල, මාතර සහ මීගමුව වැනි මුහුදු තීරවල පැවැත්වෙන බීච් පාටිවලට එන තරුණ - තරුණියන්ට අලෙවි කිරීම සඳහා මෙම මත් පෙති තොගය ගෙනැවිත් තිබෙන බව ද පොලිස් බුද්ධි අංශයට වැඩිදුරටත් තොරතුරු වාර්තා වී තිබේ. 


යාබා නමැති මත්පෙති තොගය සමඟ ඒවා විකිණීමේ ජාවාරමට සම්බ්නධ දෙදෙනා අල්ලාගත් කතාව මෙසේය. 


බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලස් නිලධාරීන්ට මීට සති දෙකකට පමණ පෙර ලැබුණු තොරතුරකින් කියවී ඇත්​ෙත් අති භයානක මත් පෙති වගයක් විකිණීමේ යෙදී සිටින පුද්ගලයකු සම්බන්ධයෙනි. 


මේ තොරතුරු ලැබීමෙන් පසු බස්නාහිර පළාත් කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වෙස් වලාගෙන එකී පුද්ගලයා ගැන සෙවිල්ලෙන් පසුවෙන්නට පටන්ගෙන ඇත්තේ මත් පෙති තොගයද සමඟ කොටුකර ගැනීමටය. 


මත් පොත් තොගයක්ද රැගෙන අදාළ ජාවාරම්කරු තවත් කෙනෙක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයට එන බවට ඔත්තුකරු බුද්ධි අංශ නිලධාරින්ට දැනුම් දීමත් සමගම නිලධාරින් ක්‍රියාත්මක වූයේ ජාවාරම්කරුවන් කොටුකර ගැනීමටය. 


පෑලියගොඩ ප්‍රාදේශීය සභා කාර්යාලය ආසන්නයේ දී පා ගමනින් යමින් සිටි, ඔත්තුකරු දැනුම්දී තිබූ හැඩරුව සහිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහු අ​ෙත් තිබූ බෑගයක් සෝදිසි කරද්දී මත් පෙති තොගය සොයා ගැනීමට වැටලීමට ගිය බුද්ධි අංශ නිලධාරීන්ට හැකිවිය. 


ඒ පුද්ගලයා සමඟ සිටි අයෙක් ද ඒ සමඟම අත්අඩංගුවට ගත් අතර ඔහු වෙන කවුරුවත් නොව අධිකරණ ආරච්චිය. 
මත් පෙති තොගය සමඟ අල්ලාගත් තරුණයා උසාවි ආරච්චිගේ ඥාතියෙක් බව ​පොලීසිය දැනගත්තේ ඔහු​ෙගන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය. 


මත් පෙති ​ෙතාගය සමඟ අල්ලාගත් තරුණයාගේ අයිය රංජි නමැත්තෙකි. 


රංජි කියන්නේ මහා පරිමාණයෙන් කේරළ ගංජා විකිණීමේ නිරතව සිටින අ​ෙයකි. 


කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් මීට පෙර අවස්ථාවක මෙකී පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කේරළ ගංජා කිලෝ 14 ක පමණ තොගයක් ද සමගය. 


මෙම පුද්ගලයාගෙන් හෙළිකරගත් තොරතරු මත තවත් කේරළ ගංජා කිලෝ 220 ක පමණ තොගයක් සොයාගෙන ඇත්තේ ගණේමුල්ල ප්‍රදේශයෙනි. 


කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවී මොහු අධිකරණය මගින් ඇපමත මුදාහැර සිටි අයෙක් වන්නේය. 


මේ මහා පරිමාණ මත් පෙති ජාවාරම පසුපස සිටිනවා යැයි පොලීසිය කරුණු අනාවරණය කර ගෙන අැත්තෙ​් රංජි නමැත්තාය. 
රංජිගේ මල්ලි හා ඥාතියා මත් පෙති තොගයක් සමග ​පොලිස් බුද්ධි අංශ නිලධාරින්ට කොටුවූ පසු ඔහු ආගිය අතක් සොයා ගැනීමට නොමැත. 


සැඟව සිටින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි. 


ජාත්‍යන්තර වශයෙන් භාවිතාවන යාබා නමැති මත් පෙති බුරුමය, තායිලන්තය, මලයාසියාව යන රටවල නිෂ්පාදනය කරන ඒවා වේ. 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්‍ෂණ සඳහා බාරදුන්නේ පෑලියගොඩ මූලස්ථාන පොලීසිය වෙතය. 


අල්ලාගත් මත් පෙති රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු යොදා ඇත. 


බස්නාහිර පළාත් බුද්ධි ​කොට්ඨාසයේ නිලධාරීන්ට ඔත්තුවක් ලැබී ක්‍රියාත්මක නොවන්නට මේ මහා මත් පෙති තොගය අල්ලා ගැනීමට නොහැකි වන්නේය. 


ඒ නිසා මෙම වැටලීමට හවුල්වූ බුද්ධි අංශ නිලධාරීන්ගේ සේවය අගයා ඔවුන් දිරිමත් කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. 


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීකරණය යටතේ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත බස්නාහිර පළාත් කොට්ඨාශ බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂ  සහකාර පොලිස් අධීකාරි රොහාන් ප්‍රනාන්දු සහ කැලණිය සහකාර පොලිස් අධීකාරි ජේ.එච්.පී. ජයලත් යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතෙ​් පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්න අබේරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂ පවත්වාගෙන යයි. 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය