බස්නාහිර සභාවේ උපදේශක රැස්වීමට ලක්ෂ 20ක වියදමක්


රැස්වීම දින දෙකක් ඇල්ල හෝටලයක 

 

 

(නාලක සංජීව දහනායක) 

බස්නාහිර පළාත් සභාවේ උපදේශක කාරක සභා රැස්වීම දින දෙකක් ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී පැවැත්වීමට සූදානම් ​ෙවන බව වාර්තා වේ. 

පළාත් සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් උපදේශක කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට නියමිත අතර මේ සඳහා සහභාගිවීමට කොළඹ සිට බදුල්ලට ගමන් ගැනීමට වෙනම දුම්රිය මැදිරි දෙකක් ද වෙන් කරවා ගෙන ඇතැයි ද පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. 


ඒ අනුව මෙම උපදේශක කාරක සභා රැස්වීම සඳහා රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැයවනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 
පළාත් සභා උපදේශක කාරක සභා රැස්වීම් අදාළ පළාතෙන් පිට නොපවත්වන ලෙසට ජනාධිපතිවරයා විසින් මීට පෙර නියෝගයක් ද නිකුත් කර තිබේ. 
ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6) ආරම්භ වූ උපදේශක කාරක සභා රැස්වීම අද අවසන් වේ. 
බස්නාහිර පළාත් සභාවේ නිල කාලය මේ මස 20 වැනිදායින් අවසන්වීමට නියමිතය.