ප්‍රතිත්‍රස්ත පනතට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වෙන්න


ජනපති ඒකාබද්ධ විපක්ෂයට කියයි

(අජන්ත කුමාර අගලකඩ)   

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර අලුතින් ගෙන එන්නට යන ප්‍රතිත්‍රස්ත පනතට පාර්ලිමේන්තුවේදී විරුද්ධ විය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ට ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.   

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඉකුත් බ්‍රහස්පතින්දා (02) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.   


අලුතින් ගෙන ඒමට යන ප්‍රතිතස්ත්‍ර පනතට තමා මුල සිටම විරුද්ධවූ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.   


එබැවින් මෙම ප්‍රතිත්‍රස්ත පනතට පාර්ලිමේන්තුවේදී විරුද්ධ විය යුතු බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බව වාර්තාවේ.