පළාත් සභා ඡන්ද ක්‍රමය ගැන ඒකාබද්ධයෙන් සාකච්ඡාවක්


(දයාසීලි ලියනගේ)   


ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර එකඟතාවක් මත කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.  


පළාත් පාලන මැතිවරණය මෙන් විකාරරූපී ඡන්ද ක්‍රමය වෙනුවට විද්‍යාත්මක පදනමකින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අනුගමනය කළයුතු ක්‍රමවේදය සකස් කළ යුතු බවට ඒකාබද්ධයට සම්බන්ධ පක්ෂ නායකයන් තීරණය කළ බව නියෝජ්‍ය සංවිධායක රංජිත් ද සොයිසා මහතා කීය.  

පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව සියලුම දේශපාලන පක්ෂ මේ වනවිට අප්‍රසාදය දක්වා තිබෙන නිසා පොදු එකඟතාවයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව ප්‍රබලව පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.