පළාත් පාලන මැතිවරණය රජයට විරුද්ධව ජනමත විචාරණයක්


මෙම පළාත් පාලන මැතිවරණය රජයට විරුද්ධ ජනමත විචාරණයක් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියයි.  

ජීවන වියදම ඉහළ දමමින් රාජ්‍ය දේපළ විකුණමින් මේ රජය රටේ ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට ගම්වල ජනතාව දැඩි උනන්දුවකින් බලා සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.   එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතිවාදී පාලනයක් ගෙන යන බව ප්‍රකාශ කළත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පදයට නටන පාලකයන් ගැන ජනතාව දැඩි කළකිරීමට පත්වී සිටින බවද ඔහු කීය.