නිෂ්පාදන බද්ද වැඩි වීමෙන් ජපන් වාහන අලෙවිය සීමා වෙයි


(දයාසීලි ලියනගේ) 

මෝටර් රථ සඳහා නිෂ්පාදන බද්ධ වැඩි කිරීමට රජය ගත් තීරණය නිසා ජපන් වාහන අලෙවිය සීමා වෙනු ඇතැයි විශ්වාස කෙරේ. 

 මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් ​මෙරිඤ්ඤගේ මහතා ප්‍රකාශ කළේ කුඩා මෝටර් රථයක මිල ලක්ෂ හතරකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. 
 ඒ අනුව එන්ජින් ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සහ දෙමුහුන් වාහන සඳහා අය කරන බදු මුදල් වැඩිවී ඇත. 


 සාමාන්‍ය පෙට්‍රල් වලින් ධාවනය කරන මෝටර් රථයක් සඳහා වූ බද්ද රුපියල් ලක්ෂ 15 කින්ද, දෙමුහුන් වාහන සඳහා බද්ද රුපියල් ලක්ෂ දොළහ හමාරකින් ද වැඩි වී ඇත.