දරුවන් වැඩි පවුල්වලට ආධාර කිරීමේ අරමුදලක්


(දයාසිලි ලියනගේ) 

දරුවන් හතර දෙනෙක් සිටින පවුලකට මාසිකව ආධාර මුදලක් ලබාදීමට හා මාස 6ක් යනතුරු දරුවකුට පෝෂණ මල්ලක් බැගින් ලබාදීම සඳහා අරමුදලක් පිහිටුවීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යයි. 

මෙම වැඩ පිළිවෙළ සඳහා පාලක මණ්ඩලයක් පත්කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් මේ මස 15 වැනිදා අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන පෙළේ රටවල් පහකින් දැනටමත් නියෝජිතයන් පත්වී සිටින බවද උන්වහන්සේ කීහ. දරුවන් හතර දෙනෙක් සිටින පවුලකට දරුවන් හදා වඩා ගැනීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදී එම පවුලට සහනයක් සැලසීමට පියවර ගනු ලබන බවද ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. 
මීට අමතරව සෑම දරුවකු වෙනුවෙන්ම මාස 6 ක් යනතුරු පෝෂණ මල්ලක් ලබාදීම සඳහාද මෙම අරමුදල යොදාගන්නා බවද උන්වහන්සේ කීහ.