ජනපතිගෙන් අනිද්දා විශේෂ ප්‍රකාශයක්


(අජන්ත කුමාර අගලකඩ)  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (4) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට  නියමිතය.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් අනිද්දා පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඊට දිවයින පුරා එක් එක් ආසන නියෝජනය කරමින් පක්ෂ ක්‍රියාකාරීන් 7000ක් පමණ සහභාගිකර ගැනීමට අපේක්ෂිතය.  


වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මෙම විශේෂ සම්මේලනයෙන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින්ද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඉරිදා ලංකාදීපට පැවැසීය.