ගොවිජන සේවා මන්දිරයේ කාය වර්ධන මධ්‍යස්ථානයක් තිබිලා


රජයේ මුදල් ලක්ෂ 75ක් වැය කරලා

(දයාසීලි ලියනගේ)  

ආංශික අධීක්ෂණ කාරක සභා පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට පවරා ගන්නා ලද ගොවිජන සේවා මන්දිරය තුළ කාය වර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 75 ක මුදලක් වැය කර ඇති බව වාර්තාවේ.  
පාර්ලිමේන්තුව මෙම මුදල් වැය කර නොමැති අතර ඒ සඳහා රජයේ මුදල් වැය වී ඇති බව වාර්තාවේ.  

මෙම ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට පවරා ගැනීමෙන් පසු මිලියන 160 මුදලක් වැයකර ඇති අතර මේ වනවිට පාර්ලිමේන්තු කාර්යාල සියල්ල එම ගොනැගිල්ලෙන් ඉවත් කරගෙන ඇත.