ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දිය යුතුයි


ඇමැති දිගම්බරම්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
දැනට බන්ධනාගාරගත වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය පවසයි.  

එම සංවිධානයේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ප්‍රකාශ කළේ තමන් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කළද තමන්ගේ පෞද්ගලික මතය වී ඇත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවයි.  


අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව ඥානසාර හිමියන් හෙළිකළ විට ඇතැමුන් එය හාස්‍යයට ලක්  කෙරිණ.  
නමුත් දැන් එය සනාථ වී ඇත. මෙම තොරතුරු හෙළිකළ අවදියේම පරීක්ෂා කළේ නම් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට ඉඩ තිබුණ බවද අමාත්‍යවරයා පැවැසීය. ඒ නිසා තමන්ගේ මතය වී ඇත්තේ උන්වහන්සේට ජනාධිපති සමාව යටතේ වහා නිදහස් කළ යුතු බවයි.